theleaderlk 01

ජාත්‍යන්තර ධනවාදයේ ආශිර්වාදයෙන් බලයට පත්වු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හට රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩගැනීමට හැකියාවක්

නොමැති බවට ප්‍රමුඛ පෙළේ වාමාංෂික නායයෙකු අනාවැකි පළ කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ස්ථිරසාර විසඳුමක් ලෙස වැඩ කරන ජනතාවගේ ශක්තිය සහිත කම්කරු පන්තියේ බලයක් ගොඩනැංවිය යූතු බවටයි නව සම සමාජ පක්ෂ නායක මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යෝජනා කරන්නේ.

"අපි නම් විශ්වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුලුල් ජනතාවගේ, කම්කරු පන්තියේ විශ්වාසයක් දිනාගන්න පුලුවන් වෙයි කියලා. හැබැයි ඒතුමාට සල්ලි අරගෙන සුභසාධන රාජ්‍යයක් ගෙනයන්න කටයුතු කරන්න."

කෙසේ වෙතත් අගමැතිවරයා ඉදිරියේ දී ගන්නා පියවරයන් අනුව කම්කරුවන්ගේ සහ ජනතාවගේ අයිතිවාසකම් ආරක්ෂා කරමින් සටන් කිරීමට සංවිධානය විය යුතු යැයි නව සම සමාජ පක්ෂ නායකයා යෝජනා කර සිටි යි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ගැළවුම්කාරත්වය ඇත්තේ ධනපති පන්තිය මත බැවින් ඉන් වත්මන් ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවට විශ්වාසය පළ කරන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න "අනිවාර්යෙන්ම විප්ලවකාරි දිසාවකට යන්න වෙනවා. අපි ජනතාවට කියනවා ඒකට ලෑස්ති වෙන්න කියලා." යැයි තව දුරටත් කියා සිටියේය.


Leader Whats app

  

 

 

නවතම පුවත්