අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය.



නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කරනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


ආර්ථික අර්බුදය විසඳීමට තවදුරටත් සාකච්ඡා


මේ අතර අගමැති මාධ්‍ය ඒකකය පවසන්නේ, ආර්ථික අර්බුදය විසඳීමට අගමැති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සාකච්ඡා සිදුකරමින් සිටින බවයි.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා පැවැත්වීය.

ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටළු සඳහා සහය දැක්වීම පිළිබඳව එම සංවිධාන සමඟ පැවති සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කර ඇති බවයි. සාකච්ඡා ධනාත්මක වී ඇති බව පැහැදිළි කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ක්ෂනික අභියෝගය රජයට පවතින බවයි.

 

බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටී.

මේ අතර  21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබද හෙට දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.

පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව හෙට (16) දිනයේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්