රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව ගන්නා සියලුම නිවැරදි තීරණවලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබෙන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.

ඔහු එම ලිපිය යවා ඇත්තේ, ආණ්ඩුවට එක්වන්නයි ආරාධනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත කරතිබූ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසයි.


rw1

rw2අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යොමුකර තිබු ලිපිය



මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා රන්ජිත් සියඹලාපිටිය යන ශ්‍රීලනිප නියෝජිතයින් දෙදෙනා සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් හෙට පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.  

අලුත් ආණ්ඩුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය එම සාකච්ඡාවේදී අගමැතිවරයා වෙත දැනුම් දීමට නියමිත බව ද පැවසේ.

මේ අතර වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ සාකච්ජාවක් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් 06 දෙනකු නව ආණ්ඩුවට එක් වීමට කලින් තීරණය කර තිබූ අතර පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා සියලු දෙනාම ආණ්ඩුවට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර, පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමා ආණ්ඩුවට සහාය දක්වන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ පක්ෂ පාට භේද ඉවත දමා ආණ්ඩුවට සහාය දීම සියලු දෙනාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

 
 
 

 Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්