ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්නා

ලෙසට පොලිස්පතිවරයාට බලකරමින්, සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට අද (16) උණුසුම් තත්ත්වයක්  හටගත්හ.

පිරිස පොලිස්පතිවරයා හමුවීමට පොලිස් මුලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කර කරගෙන පොලිස් මුලස්ථානයට ඇතුලු වීමට උත්සහ කළ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගත්හ.

විරෝධතාකරුවන් රැගෙන ආ ලිපිය පොලිස්පතිවරයාට බාර දීමට අවස්ථාව හිමි නොවු අතර ඒ සදහා පැමිණි සිටි නියෝජිතයන්  දෙදෙනාට බාර නොදුන් අතර ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොමැති බවට පවසමින් විරෝධතාකරුවන් එම ලිපිය පොලිස් මුලස්ථානය ඉදිරිපිටදීම ගිනි තැබුහ.

මෙම විරෝධතාව අද පස්වරු 4.00 ට පමණ  කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වු අතර එය පා ගමනින් පොලිස් මුලස්ථාන බලා ගමන් ගත්හ.

# සාමකාමි අරගලයට පහර දීලා අද වෙනකොට අවස් 7 යි,
# ගහපු එවුන් සැප නින්දේ, පොලිස්පති  බලා සිටියි,
# ආණ්ඩුව - පොලිසිය  මැරයන් ටික රකින විට අරගලයම රැක ගන්නට පෙරට ආවේ මහජනයයි,  
# සටන් කරපු මහජනයා පන්න පන්නා හිරේදැම්මා, අණදුන්නේ මන්දිරයෙන්  - ගුටි කෑවේ අපේ එවුන්, බේරගතන්න මගට ආව අපේ එවුන්-  උන් හොයන්නේ අපෙ එවුන්,

ආදි නොයෙක් සටන් පාට කියමින් පිරිස පොලිස් මුලස්ථානය වෙත ගමන් ගත්හ.

මෙම පා ගමන හේතුවෙන් පොලිස් මුලස්ථානය අසල අතිරේක කණ්ඩායම් යොදා යොදවා තිබිණි.

 පිරිස  පොලිස් මුලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවේ නිරත වෙමින් සිට පිටය ගියහ. 

 
පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පුද්ගලයින් 398ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 159ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඉන් බහුතරයක් නිවාස හා වාහනවලට ගිනි තැබීම හා දේපළවලට අලාභ හානි කිරීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවෝ වෙති.

කෙසේ වෙතත් දේශපාලකයින්ගේ නිවාස වලට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ පුද්ගලයින් 250 දෙනෙකු ඊයේ වන විට අත්අඩංගුවට ගත්දී අරලියගහ මන්දිරයට හා ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් මැයි 15 වනදා වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් සැකකරුවෙකු පමණි.

එහෙත් පොලිසිය අද (මැයි 16) පැවසුවේ මේ වන විට අරලියගහ මන්දිරයට හා ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බොහෝ දෙනා ගාලුමුවදොර ප්‍රහාරයට සහයට පැමිණි අය බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසමින් ඔවුන් අනාවරණය කළේ ගාලුමුවදොර ප්‍රහාරයට ආදාළ සාක්ෂි විනාශ කිරීමේ සූදානමක් ද ඇති බව යි.


තැතිගන්වන අනාවරණ


ගාලු මුවදොර දී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන මූලික පරීක්ෂණවල දී මැර ප්‍රචණ්ඩත්වයට සහ ඉන් අනතුරුව එල්ලවූ ප්‍රතිප්‍රහාරවලට ඉහළ පෙළේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ බව පෙන්නුම් කර ඇතැ යි නිල මූලාශ අනාවරණය කළේ ය.


අරලියගහ මැදුරෙන් පිටතට පැමිණෙන අයට ගාලුමුවදොර දෙසට එන්නට නොදෙන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පැහැදිලි උපදෙස් ලබා දී ඇතැයි පවසන මෙම මූලාශයයන්, තවත් අය පරස්පර නියෝග ලබා දී තිබෙන බවට චෝදනා කරයි.



"ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා අභිබවා යාමට සහ ගාලු මුවදොර ආක්‍රමණය කිරීමට සහ සඳුදා ප්‍රහාරය එල්ල කිරීමට පොලුවලින් සන්නද්ධ මිනිසුන්ට අවසර දීමට අණ දුන්නේ කවුරුන්ද යන්න යි," විමර්ශනයට සමීප නිලධාරියෙක් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ජනාධිපතිවරයාගෙන් ඔවුන්ට සෘජුව ලැබුණු නියෝග සහ සිදුවීම් අනුපිළිවෙල පැහැදිලි කිර ඇත.

අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණෙන පිරිස් අන් අය සමග ගැටෙන්නේ නැති බව තහවුරුකර ගැනීම සඳහා පෙර දින කළ සැලැස්ම වෙනස් කරන ලෙසට බලපෑම් කළේ කවුරුන් ද යන්න පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

තමන් ගාලුමුවදොර හෝටල් වටරවුම දක්වා පමණක් ගමන් කරන බවත්, ඉන් ඔබ්බට "ගෝඨාගෝගම" (GGG) විරෝධතා භූමිය දෙසට නොයන බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහතික වී ඇතැ යි එම පරීක්ෂණ නිලධාරීන් පවසයි. ඔවුන් පවසන්නේ මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි.

මෙම චෝදනාව පිළිබඳව විමසීමට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල සේවය උත්සහ කර තිබුන ද ඔහුව දුරකතනයට සම්බන්ධ කරගැනීමට නොහැකි වි ඇත.

කෙසේ වෙතත්, පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිය ආධාරකරුවන් ගෝඨාගෝගම දෙසට රැගෙන යනු සජීව මාධ්‍ය දර්ශනයන්හි දක්නට ලැබිණි.

 

sgtre4


අරලියගහ මන්දිරයෙන් පිටවන අයට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරයක් එල්ල නොකරන ලෙසට අමාත්‍යාංශ මට්ටමින් පොලිසියට නියෝග ලැබී තිබුණ ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් විසින් පැහැදිලිවම ගෝඨාගෝගම "ඉවත්" කිරීමට උසිගැන්වූ බව අනාවරණය වී තිබේ.

"ජනාධිපතිතුමාට දින 30කින් ඒක ඉවත් කරන්න බැරි වුණා, නමුත් අපිට විනාඩි 30කින් පුළුවන්යැ"යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නායකයින් කොළඹින් පිටත සිට බස්රථවලින් ගෙන්වා ගත් 3,000ක අධික සෙනඟට පවසා තිබුණි.

හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු 17 දෙනෙකු ප්‍රචණ්ඩත්වයට පෙළඹවූවන් ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වු නඩුවකට අදාළව ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරිණි.


DAWEයම් ස්ථානයක විරෝධතාකරුවන් යුතු ලෙස අත්අඩංගුවට ගෙන ඇත්නම් ඒ බව දැනුම්දෙන්නැ යි තරුණ නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලයි


සාක්ෂි විනාශ කිරීමේ සූදානමක් තිබේ ද?


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සාක්ෂි විනාශ කිරීමේ සූදානමක් ඇති බවයි.

"බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාතේ ඉන්න තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අණක් දීලා තියෙනවා, කිසිදු ආකාරයකින් මේ මැරවරයන් ගාලුමුවදොර පිටියට ඇතුළුවීම වළක්වන්න එපා කියලා. වැඩේ තියෙන්නේ මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධ ලොග් සටහන් දාලා තියෙනවා පොත්වල. පොලීසියේ පොත්වල ලොග් සටහන් දාලා තියෙනවා, මේ මැරයින් ඇතුල්වීම වළක්වන්න එපා කියලා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිව්වා, ඔහු ඒක කිව්වේ ආරක්ෂක අමාත්‍යශයේ ලේකම්ගේ උපදෙස් මත කියලා පොතේ ලියලා තියෙනවා."

"දැන් අපිට වාර්තා වෙනවා පොත් දෙක විනාශ කරන්න යනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට ගිහිල්ලා ඉල්ලන්න මේ පොත් ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න කියලා. මේ පොත් ගිනි තියන්න යනවා නිශ්චිත වශයෙන්ම මේ සාක්ෂි ජනතාවට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා."

එනමුත්, මේ සම්බන්ධයෙන් තමා දැනුවත් නැතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ ය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩල කැඳවුම්කාර වසන්ත මුදලිගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, "අපිව බේරන්න ආව තරුණයෝ තමා දැන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. වහාම මේ අත්අඩංගුවට ගත්තු සියලු තරුණයෝ වහාම නිදහස් කරන්න ඕනේ," යනුවෙනි.

සාමකාමී අරගලකරුවන්ට එරෙහිව කරන මර්දනය වහා නවත්වන ලෙස රජයට බල කරන උද්ඝෝෂණයක් (මැයි 15) අනුරාධපුර ගෝඨාගෝගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙය සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන එකමුතුව යි.

"අද වෙනකොට සාමකාමී නිර්පාක්ෂික අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් පසුගිය 09 වැනිදා අරගලකරුවන්ට පහර දුන් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. කොහොම වුණත් පහරදීම පහරදීමම යි. එසේ නම් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු යි," ඊට එක්වූ ක්‍රියාකාරීහු කියා සිටියෝ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් 159 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව යි.


පොලීසිය මහජන සහාය පතයි


පසුගිය 09 වැනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

ඒ අනුව ඔවුන්ගේ ඡායාරූප 76ක් පොලීසිය විසින් මාධ්‍ය වෙත මැයි 15 දා නිකුත් කරනු ලැබීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) දැනුම් දෙන ලෙස ය.
ඒ අනුව,

071 859 49 01
071 859 49 15
071 859 20 87
011 24 22 176

යන දුරකතන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකි ය.


යුක්තිය ඉටුකරන්න:


SDFERBතරුණ නීතිඥවරුන්ගේ සංගමය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ (මැයි 15) පොලිස් මූලස්ථානයට පැමිණ සංදේශයක් භාරදුන්හ.

ගෝඨාගෝගම අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නැ යි ඉල්ලා තරුණ නීතිඥවරුන්ගේ සංගමය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ (මැයි 15) පොලිස් මූලස්ථානයට පැමිණ සංදේශයක් භාර දුන්හ.

"දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මෙම නඩුවේ සැකකරුවෙක් බවට පත්වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඔහු අත්අඩංගුවට නොගැනීමත්, සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමත්, මේ සිද්ධියට බහුතරයක් සම්බන්ධ නොමැති අහිංසක පුද්ගලයින් පවා පොලීසියට හිතුමනාපේ අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරලා.

සමහර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ තියෙනවා. එකී අගතිදායී තත්ත්වය සහ නීතිය සමානව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා තමයි අද දින අපි ලිපියක් මඟින් පොලිස්පතිවරයා වෙත ඒ අදාළ සංදේශය භාරදෙන්න පැමිණියේ," නීතිඥ සාලින්ද අමරසේකර මෙහිදී කියා සිටියේ ය.


එම ලිපිය මෙසේය:

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීම ගැන විමර්ශන දේශපාලන පක්ෂපාතිත්වයක් සහිත නිලධාරීන්ට බාරදීම සහ සාක්කිකරුවන්ට බලපෑම් සිදුකිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙනි.

# ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාකරුවන්ට සැලසුම් සහගතව පහරදීම සම්බන්ධ විමර්ශන ඔබ විසින් බාර දෙනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතාටය.

# ඩබ්ලිව් තිලකරත්න යනු 2004 වසරේ සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි නිලධාරියකු වන අතර ඔහු සහ මහින්ද රාජපක්ෂ අතර දැඩි හිතවත්කමක් තිබෙන බව මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි.

# 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් කර එම තනතුරට ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ඔබ විසින් පත් කරනු ලැබුවේ ඩබ්ලිව් තිලකරත්න නිලධාරියා ය.

# ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරනු ලැබීය. ඔහු යටතේ මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම බරපතල තත්ත්වයක් වන අතර එකී විමර්ශනය පිළිබදව මහජන විශ්වාසය පළුදුවීමට ඉහත කී පසුබිම ප්‍රමාණවත් ය.

# 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු ඔබ විසින් ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර, ආණ්ඩුවට හිතවත් මෙරිල් රංජන් ළමාහේවා (වැලිකඩ චූදිතගේ සහෝදරයා) වැනි නිලධාරීන් පත් කරනු ලැබීය.

එවැනි නිලධාරීන් යටතේ මෙම විමර්ශනය සිදු කිරීම "හොරාගේ අම්මාගෙන් පේන ඇසීම" වැනි ක්‍රියාවක් වන අතර අනාගතයේදී චූදිතයන් නිදහස් වන ආකාරයට විමර්ශන කිරීම සඳහා මෙම විමර්ශනය ඔවුන් වෙත පවරනු ලැබුවේදැයි බරපතල සැකයක් පවතී.

# එවැනි තත්වයක් තුළ ඔබ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිදවැටීම මගින් නීතිය පිළබදවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබදවත් විශ්වාසය බිදවැටීමට ඉඩ ඇති බව ඔබට පෙන්වාදීමට කැමැත්තෙමු.


# තවද, මෙම විමර්ශනවල ප්‍රධානම සැකකරුවකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් එම තනතුරේම කටයුතු කිරීමද බරපතල තත්ත්වයකි. ඔහුට එරෙහිව සාක්කි දීමට සිටින කොළඹ පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් බියට පත්වී සිටිති. තමන් සත්‍ය තොරතුරු අනාවරණය කළහොත් තමන්ගේ ප්‍රධානියා වන දේශබන්දු තෙන්නකෝන්ගෙන් බලපෑම් එල්ලවෙතියි ඔවුහු බියට පත්වී සිටිති.

# ඔහු යටතේ තිබෙන පොලිසිවලට මේවන විටත් ඔහු සැකකරුවකු කරමින් පැමිණිලි ගොනුවී තිබේ. (කොටුව පොලිසිය CIB ii 18/67)

# මෙම සිදුවීමට පොලිස්පති ලෙස ඔබද සෘජුවම වගකිවයුතු බවට සඳහන් පැමිණිල්ලක් ද මේ වන විට ඔබ යටතේම ඇති ටෙල් අයිජීපී ඒකකයට සහ කොටුව පොලිසියට යොමු කර තිබේ. (කොටුව පොලිසිය CIB ii 18/67)

# ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදුන් මැර පිරිසට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස ඔබ එදින උදෑසන උපදෙස් දුන් බවට පොලිස් නිලධාරීන් සටහන් පවා දමා ඇති තත්ත්වයක, තවදුරටත් ඔබ පොලිස්පති තනතුරේ සිටීම බරපතල තත්ත්වයකි. එමගින් සෘජුවම විමර්ශනවලට බාධා සිදුවිය හැකි අතර සාක්කිකරුවන්ටද බලපෑම් එල්ල විය හැකිය.

# 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දේශපාලනඥන් විසින් ලබාදුන් ලිපිවලට පොලිස් ස්ථානාධිපතිකම් ලබාදිම සිදු විය. ඒබව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන අපසතුව ඇත. ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමෙන් පසු දිවයින පුරා සිදුවූ සිදුවීම් විමර්ශනය කරීමට ඔබ විසින් උපදෙස් දී ඇත්තේ අදාල පොලිසිවලටමය. දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය අනුව පත් කළ ස්ථානාධිපතිවරුන් මෙම විමර්ශන නිසි ආකාරව සිදු කරනු ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.

# කරුණු මෙසේ හෙයින් ඉහත කී මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබදව අපට පිළිගත හැකි ස්වාධීනබවක්, විනිවිදභාවයක් සහ/හෝ විශ්වාසයක් නොමැත.

# කරුණු මෙසේ හෙයින් පහත සඳහන් ඉල්ලීම් කඩිනමින් ඉටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


I. වහාම මෙම විමර්ශන දේශපාලන පක්ෂපාතකම් නැති ස්වාධීන, දක්ෂ විමර්ශන කණ්ඩායමකට බාර දෙන්න.

II. පළමු ප්‍රහාරයෙන් පසු දිවයිනේ සෑම තැනම සිදුවූ සිදුවීම්වල අපරාධ වගකීම පළමු සිදුවීමේ සැකකරුවන්ට ඇති බැවින් එම විමර්ශන ද ඉහත විමර්ශන කණ්ඩායමටම ලබා දෙන්න.

III. විමර්ශනවලට බාධාවීම වැලැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් ඉවත් කර ඔහුගේ වැඩතහනම් කරන්න.

IV. ඔබ පොලිස්පති ධුරයේ සිටියදී ඔබ යටතේ සිටින නිලධාරීන්ට ඔබට එරෙහිව විමර්ශන කිරීම ගැටලුසහගත බැවින් කඩිනමින් තනතුරෙන් ඉවත්වී විමර්ශනවලට සහාය දක්වන්න.

V. තවද මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමෙන් පසු ජනතාව කුපිත කිරීම් හරහා සිදුවූ යම් යම් සිද්ධි පදනම් කරගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් රාජ්‍ය මර්දනයක ස්වභාවයකින් දියත් වන බැවින් ඒ තත්ත්වය වහාම පාලනය කරන ලෙස අපි දන්වා සිටිමු.



සබැඳි පුවත් :

'රනිල්ට අගමැතිකම ලැබෙන්නේ ආදරයේ අරගලය නිසා' - රවී : 'ගෝඨා ගෝ ගමට' පහර දුන් අය අත්අඩංගුවට ගන්න' - රුවන්

  

 


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්