1200 x 80 DMirror

දෙමළ වර්ග සංහාරය සිහි කරන  යුද පීඩිත දෙමළ ජනයාගේ මුල්ලිවයික්කාල් සැමරුමට ඇති සුදානම

වාර්තාකරණයට ගිය වන්නියේ මුල් පෙලේ මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කළ බවට රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබේ.

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ගේ වාර්තාකරණයට මෙවර  බාධා පමුණුවා ඇත්තේ මුල්ලිවයික්කාල් අනුස්මරණ භුමිය ආසන්නයේ අලුතින් ස්ථාපිත කර තිබෙන හමුදා මුර පොලේ සේවයේ නියුතු යුද හමුදා සහ පොලීසියේ සාමාජිකයන් පිරිසකි.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා මුල්ලිවයික්කාල් භුමියේදී  මැයි 18 වැනි දාට අනුස්මරණ  කිරීමට සුදානම් වන දහතුන්වැනි සමරුව පිළිබදව පුර්ව තොරතුරු  වාර්තාකරණය සදහා මැයි 14 වැනිදා එම භුමියට ගිය මාධ්‍යවේදියාට බාධා පමුණුවා ඇති යුද හමුදා සෙබළුන්, එම ස්ථානය වීඩියෝගත කලේ දැයි  මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහුගේ මාධ්‍ය හැදුනුම්පත පෙන්වන ලෙස බලපෑම් කර තිබේ.

එම අවස්ථාවේ එතනට පැමිණි පොලිස් නිලධාරීන් තමන්ගේ රියදුරු බලපත්‍රයද පරීක්ෂා කර පුද්ගලික විස්තරද සටහන් කර ගත් බව මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් වැඩි දුරටත් සදහන් කරයි.

පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරුත්  ජනමාධ්‍යයට වාර්තා කරන මුලතිව් ජනමාධ්‍ය සමාජයේ සභාපතිවරයාද වන ෂන්මුගම් තවසීලන් පසුගිය කාලය තුලදී කිහිපවාරයක්ම ආරක්ෂක අංශ වල පීඩාවට ලක්වූවෙකි.

මුල්ලිවයික්කාල් සැමරූ භුමිය අවට දින කීපයක සිට සුදුවෑන් ඇතුළු වාහනවල නැගී හමුදා භටයන් සැරිසරනු ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ගේ කැමරාවට අසුවී තිබේ.

mULLIVAIKKAL 1

mULLIVAIKKAL 3

mULLIVAIKKAL 2

 


Leader Whats app

  

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය