අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් නායකයින් දෙපල එම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

පත්ව ඇති තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් පසු පැහැදිලි කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ, මෙම අසීරු තත්ත්වය තුළ තම පක්ෂය අග්‍රාමාත්‍යවරයාටත් රජයටත් සහය දීමට සූදානම් බවයි.

මේ අතර මෙම හමුවේදී අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූයේ දැයි මහ ලේකම්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා නොවූ බව සහ පක්ෂයේ සභාපතිවරයා සමග ඒ සම්බන්ධ අවසන් තීන්දුවකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්