‘ගෝඨා ගෝ ගම’ හා ‘මයිනාගම’ සාමකාමී විරෝධයන්හි නිරතව සිටි පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු,

සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධ සාක්ෂි ඇති සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (16) දැනුම් දී තිබිණ.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් සිවුදෙනා හා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් ඇතුළු විසිදෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද නීතිපතිවරයා නියෝගකර තිබේ.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශකයන් විසින් සාධාරණ හේතු හඳුනාගතහොත් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා ලිඛිතව දන්වා යවා ඇත.

 

නීතිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දිනවල පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසුව ගන්නා ලද තීරණයක් අනුව නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඊට අවශ්‍ය උපදෙස්ද පොලිසිය වෙත ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

sgtre4

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, පොලිස් ස්ථානාධිපතිවරුන් වන ගුණරත්න, සාගර ලියනගේ, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සුගත් හේවාපතිරණ, මහින්ද කහඳගම, රේඛා කහඳගම, වසන්තා හඳපාන්ගොඩ හා නුවර ප්‍රදේශයේ පදිංචි සංගීත් සිල්වා ඇතුළු සැකකරුවන් 24 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පසුගිය දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ඒ අනුව, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුගේ විදෙස් ගමන් අධිකරණය මඟින් තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.


Latter 2022.05.17 1


''අරගලයට පහරදුන් මැරයන් අල්ලනු''


ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බලකරමින් සහ සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට ඊයේ (16) උණුසුම් තත්ත්වයක් හටගත්හ.

 පිරිස පොලිස් මුලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවේ නිරත වෙමින් සිට පිටව ගියහ.


ප්‍රචණ්ඩක්‍රියාවල නිරත 398ක් අත්අඩංගුවට


පසුගියදා සිදු වූ කලහකාරී තත්ත්වය හමුවේ ප්‍රචණ්ඩක්‍රියාවල නිරත වූ 398 දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මේ අතර කලහකාරී තත්ත්වය අතරතුර පුද්ගලයන් ගිනිබත් කොට විනාශ කළ සිය නිවාස බැලීමට ඇතැම් මන්ත්‍රීවරුන් ඊයේ (16) එම ස්ථාන වෙත ගියේය.

මැයි 9 වනදා රට තුළ ඇති වූ කලහකාරී වාතාවරණය හමුවේ කුපිතවූ ඇතැම් පිරිස් මහජන නියෝජිතයින්ට අයත් නිවාස මෙන්ම තවත් දේපළ රැසක් ගිනිතබා විනාශ කළේය.
 


පසුගිය දිනවල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලුදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රජයට අවධාරණය කරමින් සිටිති.

කෙසේවුවද ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන විදර්ශන කන්නන්ගර පවසන්නේ,  මේ මොහොතේ ප්‍රති ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් කටයුතු කළ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මිස 'හිංසනය' ක්‍රියාත්මක කළ සියලු දෙනාම දඩුවමට ලක් කළ යුතු යැයි දේශපාලන-දාර්ශනික කතා දොඩවන අය නියමෙන් හා අනියමෙන් කරමින් සිටින්නේ ගෝඨා-රනිල් අශුද්ධ සන්ධානය ආරක්ෂා කිරීමක් බවයි.

 එපමණක් නොව එය පොහොට්ටු කල්ලියට නැවත දේශපාලන ස්ථාවර බවක් ලබා දී ඔවුන්ගේ පළිගැනීම් දඩයමට සහයෝගයක් ලබාදීමක් බවද විදර්ශන අවධාරණය කර තිබේ.

ඔහු එම කාරනා සඳහන් කර ඇත්තේ සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමිනි.

vidarshana



සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්