රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව රටපුරා පැවැත්වෙන උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමේ අරමුණින් ඉන්දියානු මාධ්‍ය අසත්‍ය පුවත් නිර්මාණය කරන බවට දෙමළ

දේශපාලන පක්‍ෂයක් චෝදනා කර තිබේ.

``හින්දු පත්තරය හරහා කොටි සංවිධානය නැවත නැගී සිටිනවා කියා බොරු පුවත් නිර්මාණය කරලා රට පුරා පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ මුල්ලිවයික්කාල් ජන සංහාරය සැමරීම කඩාකප්පල් කිරීමේ වෑයමක් තියෙනවා,``යැයි තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් චෝදනා කරයි.

ටෙලෝ සංවිධානයේ වවුනියා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සිටි ක්‍රිස්ටි කුගරාජා අනුස්මරණ උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව වවුනියාවේ මාධ්‍යවේදීන් අමතා මේ බව ප්‍රකාශ කළේය.

''`මුල්ලිවයික්කාල් වලදී ජනතාව මිය ගියේ අපි වෙනුවෙන්. ඔවුන් ගෝඨාභය හා මහින්ද රාජපක්‍ෂලා එක්ක විශාල සටනක් කළා. එහෙත් සිංහල ජනයා ඔවුන්ව බලයට ගෙනාවා. දැන් ඒ අයට රට පාලනය කරන්න බැරි බවට ඔප්පු කරලා ඉවරයි.''

රාජපක්‍ෂ හිතවාදී  `හින්දු` පුවත්පත දින කිහිපයකට මත්තෙන්, කොටි සංවිධානය යළි නැගී සිටිමින් ප්‍රහාරයකට සුදානම් වන බවට ඉන්දීය රෝ ඔත්තු සේවාව උපුටා දක්වමින් පුවතක් පළ කර තිබිණි.

sdgfse

''මුල්ලිවයික්කාල් ජන සංහාර සමරුව හා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බාල්දු කරන්න තමයි මේ වගේ පුවත් හදන්නේ. අපි මේවා පිළිගන්නේ නැහැ,''යැයි ටෙලෝ නායකයා පවසයි.

''රාජපක්ෂ ආණ්ඩු විරෝධී සිංහල ජනයාගේ උද්ඝෝෂණ වලට අපේ සහාය දෙනවා. අපේ ජාතියේ නිදහස වෙනුවෙන් දිවි දුන් අයව සමරන අවස්ථාවට සිංහල ජනතාවත් එකතු වෙන්න ඕනෑ.''

 
 

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates