අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට

චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.  

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පැවසීය.

 
 
හිටපු පළාත් මන්ත්‍රී ඇතුළු තිදෙනා රිමාන්ඩ්

කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ  හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු තිදෙනා හෙට (18) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.

මේ තිදෙනා අතර මොරටුව නගර සභාවේ  සේවකයෙක්ද  සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේ ඊයේ රාත්‍රියේදීය.


පොලිස්පතිගෙන් නීතිඥ සංගමයට සහතිකයක් 
 
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ යන මහත්වරුන් පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.


 22ක් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

sgdfugd

අරලියගහ මන්දිරය අසල මයිනාගෝගමට හා ජනාධිපති කාර්යාලය අසල ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිවලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු 22කුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ නම් ඇතුළත් වේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ අදාල පහරදීමේ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට දැනුම් දී ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිසගේ නම් ඇතුළත් ලැයිස්තුවට දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ද ඇතුළත් වෙයි.


අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස පහත පරිදි වේ:

# හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
# හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත
# පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
# පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක
# මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු
# බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
# කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම
# සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද්
# නාලක විජේසිංහ
# බන්දුල ජයමාන්න
# දිනෙත් ගීතක
# අමල් සිල්වා
# සමීර චතුරංග ආරියරත්න
# රුවන්වැල්ලේ රමණි
# තුසිත රණබාහු
# සජිත් සාරංග
# පුෂ්පලාල් කුමාරසිංහ
# සවීන් ප්‍රනාන්දු
# නිශාන්ත මෙන්ඩිස්



අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ නඩු පවරන ලෙසට ද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

Latter 2022.05.17 1

මේ අතර සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බවට පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ දැනටමත් මෙම සිද්ධිවලට සම්බන්ධ විය හැකි බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 22 දෙදෙනාගේ නාම ලේඛනයක් යොමු කරමින් අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේ ද යන්න සම්බන්ධව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා එම උපදෙස් ලබාදී ඇති බවයි.

නීතිපති උපදෙස් අනුව තවදුරටත් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


"මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්න"

ගාලුමුවදොර අරගලයට පහරදීමට මුල් වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බල කරමින් සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඊයේ (මැයි 16) විරෝධතාවක නිරත විය.

"ඩීල් දාන්නැතිව මහින්දයව අත්අඩංගුවට ගන්න. ඒ බලපෑම කරන්න අපි ආවේ," පොලිස්පතිවරයා වෙත ලිපියක් භාරදීමට පැමිණී විරෝධතාකරුවෝ මෙහිදී ප්‍රකාශ කළෝ ය.
 
 zdrer

"අපිට ගහනකොට ඕගොල්ලේ අපිව ආරක්ෂා කළේ නැහැ මහත්තයෝ. මිනිස්සු අපිව රැක්කා. එක මැරයෙක්ට යන්න දුන්නේ නැහැ. අපේ ජීවිතය බේරුණේ ඕගොල්ලෝ නිසා නෙමෙයි, මේ රටේ මිනිස්සු හින්දා," සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මෙහිදී පොලීසිය වෙත ප්‍රකාශ කළේ ය.

"දවස 7ක් වෙලා තියෙනවා, අපිට ගහපු එක්කෙනයි අරන් තියෙන්නේ. එතකොට අපිට කියන්නේ ඕගොල්ලන්ව ෂුවර් කරන්න කියල ද? මහින්දගෙන් කටඋත්තරයක් ගන්න බැරිද? ඇයි ජොන්ස්ටන්ගෙන් කටඋත්තරයක් ගන්න බැරි? ඇයි දේශබන්දුගේ වැඩ තහනම් කරන්න බැරි?" ලිපිය භාර ගැනීමට පැමිණී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් විරෝධතාකරුවෝ මෙහිදී විමසා සිටියහ.

serer

විරෝධතාකරුවන් පාගමනින් පොලිස් මූලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට ඊයේ (මැයි 16) උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණි.
පිරිස පොලිස්පතිවරයා හමුවීම සඳහා පොලිස් මූලස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ ය.

"සාමකාමි අරගලයට පහර දීලා අද වෙනකොට දවස් 7 යි, ගහපු එවුන් සැප නින්දේ, පොලිස්පති බලා සිටියි, ආණ්ඩුව - පොලිසිය මැරයන් ටික රකිනවිට අරගලයම රැක ගන්නට පෙරට ආවේ මහජනය යි, සටන් කරපු මහජනයා පන්න පන්නා හිරේ දැම්මා, අණදුන්නේ මන්දිරයෙන් - ගුටිකෑවේ අපේ එවුන් බේරගන්න මඟට ආව අපේ එවුන් - උන් හොයන්නේ අපේ එවුන්," ආදී සටන් පාඨ කියමින් පිරිස පොලිස් මූලස්ථානය වෙත ගමන්ගත්හ.

මැයි 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා, පුද්ගලයන්ට පහර දී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට අලාභ හානි සිදුකිරීම චෝදනාව මත මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 398කි. ඒ අතුරින් 159 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කෙසේ නමුත්, මැයි 9 දා සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් තැනැත්තන්ගේ මුහුණු ඡායාරූප හා වීඩියෝවල පැහැදිලිව දක්නට හැකිව තිබියදීත් ඒ සම්බන්ධයෙන් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් සිව් දෙනෙකු පමණි.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්