ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තතක් සේ සලකා

අද (17) දිනයේ විවාදයට ගැනීමට විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදි වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ඡන්ද ගණන 119කි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළේය.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය ඊට විරුද්ධවීම හේතුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවූ අතර එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර මෙවැනි උණුසුම් වාදවිවාද ඇතිවිය. 

 

අගමැතිගේ පැහැදිලි කිරීම නොසලකා හැරලා !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ඊයේ (16) පැවති සාකච්ඡාවකදී ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට අවශ්‍ය බව අගමැතිවරයාට දැනුම් දී ඇති බවයි.

තම නිවෙස්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් ගෙන ඒමට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇති බැවින් ඒ නිසා ඔවුන්ට ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙස අගමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් එම අවස්ථවේදී ඉල්ලීමක් කර ඇත.

මේ වන විටත් විශ්වාස භංගය පිළිබඳ යෝජනාව න්‍යාය පුස්තකවල ඇති බැවින් එය පසුව සලකා බැලිය හැකි බව පවසා ඇති අගමැතිවරයා, මන්ත්‍රීවරුන්ට ප්‍රධානතම ප්‍රශ්නය වී ඇත්තේ තම නිවසට පහරදීම නිසා ස්ථාවර නියෝග අත්හිටුවීමේ ඡන්දයක් අනිවාර්යයෙන් ම පරාජයට පත්වන බව පෙන්වා දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තු සභා ගර්භයේදී ද එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාට එම කාරණය යළිත් පැහැදිලි කර දී ඇති බව එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

නමුත් විපක්ෂය වැරදි උපාය මාර්ගයක් තෝරාගෙන ස්ථාවර නියෝග අත්හිටුවීමට ඡන්දයකට යාම අගමැතිවරයාගේ කනස්සල්ලට හේතුවී ඇතැයි ද පැවසේ.

 ඡන්ද විමසීමෙන් අනතුරුව අගමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පැහැදිලි කර ඇත්තේ, ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යොජනාව විවාදයට ගැනීම වැළැක්වීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අත්හිටුවීමේ ඡන්දය අවස්ථාවක් කර ගන්නා බවයි.

 මෙය දුර්වල පාර්ලිමේන්තු උපාය මාර්ගයක් බවත් තමන් විපක්ෂයේ සිටියේ නම් ස්ථාවර නියෝග අත්හිටුවීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ තිබූ බවත් අගමැතිවරයා එහිදී පවසා ඇතයි ද වාර්තාවේ.


 

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්