ඉකුත් (9) දින අරලියගහ මන්දිරයේ සිට අරගලකරුවන්ට පහරදීමට එමින් සිටි පිරිස වලක්වා ඔවුන්ව වහාම විසුරුවා හැරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා නියෝගකර තිබියදී එය නොසලකා හැරියේ ඇයි දැයි

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) ප්‍රශ්නකර ඇත.

අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඊයේ (17) පස්වරු 4.00 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.


පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අරලියගහ මන්දිරයේ සිට එමින් සිටි පිරිස් වලට අරගල භූමියට ඇතුල්වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා තමන්ට මුලසිටම නියෝගකළ බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සාක්ෂි ලබාදී ඇත.

Sanath Nishanthe
ඒ අනුව, විශාල පිරිසක් සමග අරගල භූමිය දෙසට එමින් සිටි සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද පෞද්ගලිකව කථා කර, ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දුන් බවත් මෙම ක්‍රියාව නොකරන ලෙස ඉල්ලා සිටි බවත්, අනතුරුව පොලිස්පතිවරයාට ඒ සම්බන්ධව දැනුවත් කළ බවත් දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ සඳහන් කර තිබේ.

මෙවැනි ඕනෑම උද්ඝෝෂනකාරී අවස්ථාවකදී පහරදී විසුරුවා හැරීමට පෙර එම උද්ඝෝෂණය මෙහෙයවන ප්‍රධානියකු හඳුනාගෙන ඔහුව අවනත කරගැනීම පොලිස් රෙගුලාසිවලට අනුකුලබවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.



අරලියගහ මන්දිරයේ සිට එමින් සිටි පිරිසට අරගල භූමියට ඇතුල්වීමට ඉඩනොදෙන්නැයි ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කල අවස්ථාවේ තමාද ඒ අසල සිටිබව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මාධ්‍යයට පවසා තිබිණ.

''ලොක්කන් දෙදෙනෙක් බාධා කළා'' -දේශබන්දුගෙන් මානව හිමිකම් කොමිසමට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බවයි.

මෙම විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම නිසා ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස ප්‍රහාරයට ලක්වූ බවද තෙන්නකෝන් ගේ කටඋත්තරයේ සඳහන්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.



මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමාට දුරකථනයෙන් කථා කර ගාලුමුවදොර අරගල භූමිය වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙමින් සිටි පිරිසට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නොකරන ලෙස බලපෑම් කළ බවද ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයා සඳහන් කර ඇත.




ජනාධිපතිවරයා දිගින් දිගටම දේශබන්ධු තෙන්නකෝන් වෙත නියෝග ලබාදෙමින් පවසා ඇත්තේ අරගල භූමිය වෙත මෙම පිරිස පැමිණීම වළක්වා ඔවුන් වෙනත් මාර්ගයක් ඔස්සේ පිටත් කිරීමට කටයුතු කරන ලෙසයි.

දේශබන්ධු තෙන්නකෝන් සිය කට උත්තරයේ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ලද නියෝගය අනුව අරලියගහ මන්දිරයෙන් පිටත්වූ පිරිස නවම් මාවත ඔස්සේ යැවීමට තමා ඇතුළු පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබු බවයි.

එහෙත් හිටපු නියෝජ්‍ය ඇමැති සනත් නිශාන්ත ඇතුළු විශාල පිරිසක් ගාලු පාර ඔස්සේ මයිනාගෝගම සහ ගෝඨාගෝගම දෙසට ගමන් කළ බවත්, එහිදී තමා විසින් එම පිරිස ගාලුමුවදොර පිටිය දෙසට ගමන් කිරීම වැළැක්වීමට දැඩි උත්සහයක් ගත් බවත් දේශබන්දු පවසා තිබේ.

දේශබන්ධු තෙන්නකෝන්, මානව හිමිකම් කොමිසම හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇති අන්දමට සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද පෞද්ගලිකව කථා කර මෙම ක්‍රියාව නොකරන ලෙස උපදෙස් දී තිබේ.

එහෙත් පිරිස නොනවත්වා ගාලුමුවදොර පිටියට ගමන් කරද්දී එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය සූදානම් වී ඇත.

ඒ අවස්ථාවේ ආරක්‍ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දේශබන්දු තෙන්නකෝන් ගේ ජංගම දුරකථනයට කථා කර මෙම පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස නියෝග කර තිබේ.


පොලිසිය මෙම කලහකාරී පිරිස් නතර කිරීමට දැඩි උත්සාහයක නිරතවූ අතර එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී වූ බවත්, කලහකාරී පිරිස් ගාලුමුවදොර පිටියට ගොස් අරගලකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කරද්දී තමන් ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවද තෙන්නකෝන් ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව ඇත.



එහිදී ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර කෙසේ හෝ මෙම ගැටුම පාලනය කර පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසයි.

පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව බවද තෙන්නකෝන් ලබාදුන් කටඋත්තරවල සඳහන්ව තිබේ.


'කපුටා' මේ විනාශයට වගකිව යුතුයි -  විමල්



ඉකුත් (9) දින සිදුවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් විරවංශ පැවසුයේ, මේ සිද්ධියට වගකිවයුතු මුලික තැනැත්තා 'කපුටා' නමින් හඳුන්වන පුද්ගලයා බවයි.

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්