ඉකුත් 9 වන දින රටපුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට යුධ හමුදාව සක්‍රිය නොවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ

මන්ත්‍රීවරයා සැක මතු කරයි.

''හැම පොලිසියකටම නියෝග දී තිබුණේ ෂේප් එකේ ඉන්න කියලයි. යුද හමුදාව සක්‍රීය වුණේ නැත්තේ ඇයි? අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාපු මොට්ටයෝ, ගොන් තඩියො කළෙත් ඒ ප්ලෑන් එකේ කොටසක්. පොලිසිය අකර්මණ්‍ය කළෙත් ප්ලෑන් එකේ කොටසක් අනුවයි..'' යනුවෙන් ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එදින සිදුවූ සමස්ත ක්‍රියාවලියම පැහැදිලි කුමන්ත්‍රණයක් බව ඔහු අවධාරණය කළේය.

 

අරලියගහ මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යංශ ලේකම් බවට තොරතුරු  ඇතැයි ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා එහිදී අනාවරණය කළේය. "ඕවා අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි" අමාත්‍යාංශ ලේකම්වරයා බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිට පවසා තිබෙන බවද විමල් වීරවංශ සඳහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මෙසේද පැවසිය.

''නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණා. මානව හිමිකම් කොමිසමෙන් මට ලැබෙන ආරංචි හැටියට අරලියගහ මන්දිරයේ සිටි  පිරිසට ගාලු මුවදොරට එන්න දෙන්නට එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර තිබුණා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වතුර සහ කඳුළු ගෑස් ගහන්න ලෑස්ති වුණා. මේ කියන්නේ ඔහුගේ කට උත්තරය අනුව යි. ඒක සීයට සීයක් හරිද කියා මා දන්නේ නැහැ.

මොකද දැන් කරන්නේ කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස්පති අහනවා. මම එන්න දෙන්නෙ නෑ . මට ජනාධිපතිවරයාගෙන් ඕඩරයක් ලැබුණා යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා. අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්නැයි එවිට පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ට කියනවා. එවිට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමාත්‍යාංශ ලේකම්ට කතා කරනවා.

"ඕවා කරන්න එපා . ඔය අයියලා මල්ලිලාගේ ප්‍රශ්න. ඔය ඉන්නේ මහින්ද අගමැති තුමාගේ ගෝලයෝ. ඔය මිනිස්සුන්ට ගහලා අන්තිමේදී ඒ දෙන්න ෂේප් වේවි. ඔයාට ට අමාරුවේ වැටෙන්නේ වේවි . ඒ නිසා ඔයා ෂේප් එකේ ඉන්න. යනුවෙන් අමාත්‍යාංශ ලේකම් පවසා තිබෙනවා .''


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්