"පසුගියදා අපි අත්වින්දේ වියහැකි ව්‍යවසනයක ට්‍රේල එකක් විතරයි.

ඉදිරියේදී තිරගත වෙන්න පුලුවන් බ්ලොක්බස්ටර් එක. එහි තරම අපිට හිතාගන්නවත් බැරි වේවි. අපි තවත් බලන් ඉන්නේ තව කුමක් වෙනකම් ද?" පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

"එළියේ සිට අපි දිහා බලන අයට අපිව පෙන්නේ, වේගයෙන් පල්ලමට යන වාහනයක එක්කෙනෙක්වත් තිරිංග පාගන්නේ නැතුව සුක්කානමට පොරකන කෑදරයින් පිරිසක් වගේ '' යයි ද ඔහු කියා සිටියි.

පසුගිය 9වනදා සිදුවූ විනාශයේ න්‍යෂ්ටිය හඳුනාගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු පවසයි.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අද (18) එම කාරනා අවධාරණය කර සිටියේ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

"මේ විනාශයේ න්‍යෂ්ටිය හඳුනගැනීම තමයි මේ විවාදයේ අවසානය විය යුත්තේ."

"අපි සියලුදෙනාම හැසිරෙන්නේ දරුවන් නැති රටක ජීවත් වෙනවා වගේ නෙමෙයි ද?. භෞතික සම්පත් නැති වුණත් නැවත ලබාගන්න පුළුවන්. ජීවිත නැවත ලබාගන්න බෑ."

"83 කළු ජූලියෙන් පසු පසුගියදා රට මුහුණ දුන්නා අවාසනාවන්තම සිදුවීමට."

"කවුද මේ තත්ත්වයට වගකියන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් බාහිර සිටින අයද? අපි ද?"

"ජනතාවගේ පීඩාව ගැන අපිට වගේවගක් තිබුණාද?"

"ජනතාව විවිධ විකල්ප ක්‍රියාමාර්ගවලට පෙළඹෙන්න පුළුවන්. වගකීම් විරහිත ආණ්ඩුවක් සහ වගකීම් විරහිත විපක්ෂයක්."

"රටේ අනාගතය වෙනුවෙන් අපි සිහි බුද්ධියෙන් තීරණ ගත යුතුයි.



 

 


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්