පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙරටුගාමියෝ) විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා වටයක් ආරම්භකර ඇති

අතර ඒ සම්බන්ධයෙන් වූ විශේෂ හමුවීම් දෙකක් ඊයේ (18) දිනයේ සිදුවිය.

ඒ, සමගි ජන බලවේගය හා දෙමල ජාතික සන්ධාන නියෝජිතයින් සමගයි.

ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාමාර්ග, ආණ්ඩුව විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව මුදා හරින මර්දනය සම්බන්ධ වැඩපිළිවෙළ හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වාමාංශික පක්ෂ ගණනාවකට මැයි 14 වැනිදා ආරාධනා කර තිබිණ.

ඒ අනුව මැයි 16 වැනිදා 43 සේනාංකය සමගද, මැයි 17 වැනිදා එක්සත් සමාජවාදී පක්ෂය සමගද සාකච්ඡා පවත්වන ලදී.

මැයි 18 උදෑසන සමාජවාදී ජනතා සංසදය සමග සාකච්ඡාව පැවැත්විණි.


දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාව:


එසේම, ඊයේ (18) සවස දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවක් සිදුවිය.

දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාව වැල්ලවත්ත, දයා පාරේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයේදී පැවති අතර පෙරටුගාමි සමාජවාදි පක්ෂ සාමාජිකයන් එහිදී එම්.ඒ. සුමන්දිරන් හා රාසමානික්කම් සානක්කියන් හමුවී පැයකට වැඩි කාලයක් අදහස් හුවමරුකරගෙන තිබිණ.

එහිදි ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වඩාත් සාධනීය තත්ත්වයක් අත්පත් කරගැනීමේ නිදසුනක් වන, දැනට ක්‍රියාත්මකව ඇති ජන අරගලය තුලින් ප්‍රකාශයට පත්ව ඇති ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම ඇතුළු තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කැටිකොටගත් නව ජනතාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි හදිසි ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මේ සඳහා පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් එහි නායක කුමාර් ගුණරත්නම්, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගීවී ඇත.


සමගි ජන බලවේගයේ සාකච්ඡාව :


සමගි ජන බලවේග හා පෙරටුගාමි සමාජවාදි පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාව ඊයේ සවස පැවතියේ, අංක 30, සර් මාර්කස් ප්‍රනාන්දු මාවත විපක්ෂ නායක කාර්යාලයේදී ය.

මේ සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මුජිබර් රහුමාන්, එරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් එහි නායක කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව හා පුබදු ජයගොඩ සහභාගී විය.

සවස 5.30 ට ආරම්භවී පැයකට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී, ජනතාවගේ දේශපාලන අපේක්ෂාවන් වඩාත් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන ජන අරගලය තුළින් ප්‍රකාශිත කරුණු යථාර්ථයක් කරවීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග, අරගලය අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අත්අඩංගුවට පත්වන්නට නීති සහය ලබා ගැනීම හා එම අරගලය සදහා පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය සහයෝගය ලබා ගැනීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම ඇතුළු තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කැටිකොටගත් නව ජනතාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් සිදු කළ යුතු මැදිහත්වීම් සම්බන්ධයෙන් අදහස් හුවමාරුකර ගෙන ඇත.

 

සාකච්ඡාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණටද ආරාධනා කර ලිපියක් යොමුකල බවත්, පවතින තත්වය තුළ අවබෝධයකින් කටයුතු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග ඉක්මනින් සාකච්ඡාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්