රජය විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය හේතුවෙන් සෞඛ්‍ය සේවය යළි අඩපන වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ආරංචිමාර්ග

වලින් වාර්තාවේ.

මුදල් අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී විසින් 2022 මැයි මාසයේ සිට අතිකාල/වෙනත් දීමනා සීමා කරමින් නිකුත් කර ඇති 2022.05.13 දිනැති අංක FIB/02/2022 දරණ චක්‍රලේඛය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ මේවනවිට නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතී.

මෙම චක්‍රලේඛය වෛද්‍ය, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා බලපෑමක් ඇති කරන බවත් ඒ අනුව මෙවර වැටුප් ගෙවීමේදී යම් වෙනසක් සිදුවුහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව (හෙද, පරිපූරක හ අතුරු වෛද්‍ය සේවා) යන වෘත්තීය සමිති නොදන්වා වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමේ සූදානමක් පවතින බවත් වාර්තාවේ.

ඉහත වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවුහොත් සෞඛ්‍ය සේවා යළිත් වරක් අඩාලවීමේ අවධානමක් පවති.


''අපිට ඕනේ ස්මාර්ට් වැඩපිළිවෙලක්'' - රවී කුමුදේශ්



මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියකු වන රවී කුමුදේශ්, රට ගොඩනැගීම සඳහා ස්මාර්ට් වැඩපිළිවෙලක් අවශ්‍ය බව අවධාරණය කර සිටියි.

 

''අපි දියසෙන්ලා දිහා බලාගෙන හිටපු කාලේ ඉවරයි. විශ්මකර්ම පිළිබද විශ්වාස කරලා බලාගෙන ඉන්න තරම් අලුත්  පරම්පරාව මෝඩ නැහැ. අපිට නිශ්චිත වැඩපිළිවෙලක් ඕනේ. මේක ස්මාර්ට් පරම්පරාවේ අරගලයක්. අපිට ඕනේ ස්මාර්ට් වැඩපිළිවෙලක්.''

 

සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයා තවදුරටත් මෙසේද පවසයි.

''රනිල් වික්‍රමසිංහ මැරයන්ව අල්ලනකන් අපි බලාගෙන හිටියා. ඒත් අපිට දැන් පේනවා එයා මැරයෝ අල්ලන එක කොහොම වෙතත්, මැරයෝ එයාව අල්ලගෙන වග.

අද වෙනකොට මහ ජනතාව ගෙදර පලයං කියන ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධියේ විශ්වාසය පල කරන්න වෙන තරමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලැජ්ජා බය නැති වෙලා.

මේ රටේ ජන අරගලය නොවන්නට, ඔවුන් හෙලූ දහ්දිය, ලේ කදුලු නොවන්නට, රනිල් වික්‍රමසිංහ කෙනෙක් යලි මේ මිහිපිට අගමැති කෙනෙක් නොවන වග ඔහු සිහි තබා ගත යුතුයි. ඒ නිසා රාජපක්ෂ ඩීල් එකට වඩා ජනතාවගේ අරගලය පැත්තේ හිට ගන්නෙ එයාට වගකීමක් තියනවා

ඒක නිසා රාජපක්ෂලා එක්ක ඩීල් දාලා රට ගොඩ දාන්න හදන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අපි කියන්නේ දැන්වත් ජනතාව සමග ඩීල් දාන්න.

මාසයකට වැඩි කාලයක් මිනිස්සු දුක් විදපු අරගලය විසින් රටට සම්මුතියක් හදලා තියනවා. ඒක ඉටු කරන ක්‍රමය වහාම රටටහෙලි කරන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඩීල් එකක් තියෙන්න ඕනේ ජන අරගලය එක්ක. ජන සම්මුතීන් එක්ක. ඒත් එයා ඩීල් දාගන්න හදන්නෙම රටේ මිනිස්සු පන්නන්න කියන රාජපක්ෂලා එක්ක.

එහෙම නැතුව රාජපක්ෂ ඩීල්වලින් රට හදනන්න බෑ. ආර්ථික අර්බුදයකට උත්තර ලැබෙන්නෙන්ත් නෑ.''





Leader Whats app

  

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්