ජනතා විමුක්ති පෙරමුණ විසින් “රනිල් - ගෝඨා අශුද්ධ සංධානයට එරෙහි වෙමු! '' තේමාව යටතේ දීප ව්‍යාප්ත ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇත.



ඒ අනුව, ''බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම'' යන මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇත.

මෙම දේශපාලන මෙහෙයුමේ ආරම්භයක් ලෙස අද (20) දිනයේ ප්‍රදේශ 5ක දී පමණ විශාල ජනහමු හා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, අඟුණුකොළපැලැස්ස පුරහලේදී, ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙන්නේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.

මාතර බෝධිය අසලදී, සමාජවාදී තරුණ සංගමය විසින් ද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.  ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ගේ මුලිකත්වයෙන් එම උද්ඝෝෂණය පැවැත්වේ.

රාගම වල්පොල තරුමල් උත්සව ශාලාවේදී, ජාතික ජනබලවේගය විසින් ව්‍යාපාරික හමුවක් පැවැත්වීම ද කටයුතු යොදා ඇත. ඒ, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගේ ප්‍රධානත්වයෙනි.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් දිවයින පුරා වැඩිබිම් ඉදිරිපිටදී හා ප්‍රධාන නගරවලදි,“ හොරු රකින ඩීල් ආණ්ඩු එපා හා ජන අරගලයට පහරදුන් මහින්ද ඇතුළු මැරයන් වහා අත්අඩංගුවට ගනු!” යන තේමාව යටතේ විරෝධතා කිහිපයක් ම සංවිධානය කර තිබේ.

 

අන්‍තර් සමාගම් සේවක සංගමය විසින් කටුනායක පොලිස් වසමේ නයිකන්ද පිහිටි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ගොඩනැගිලි පරිශ්‍රය ඉදිරිපිටදී, ශ්‍රී ලංකන් ගුවන් සේවාව පෞද්ගලීකරණය කිරීම හා අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර ඇත.

 

මේ අතර  “රනිල් - ගෝඨා අශුද්ධ සංධානයට එරෙහි වෙමු! ” යන තේමාව යටතේ ජවිපෙ විසින් කන්තලේ හංදියේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී ද විරෝධතාවයක් සංවිධානය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට හා අගමැති රනිල් වික්‍රමසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම් නවතා දමන ලෙස ඉල්ලා සිටිමින් එම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, ජ.වි.පෙ. කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉංදික ප්‍රියදර්ශන පරණවිතාන විසිනි.

එම විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක විමල් පියතිස්ස ද එක්වීමට නියමිත බව පැවසේ.


සබැඳි පුවත් :


ප්‍රචණ්ඩත්වයේ වගකීම ජවිපෙට පැටවීම කුමන්ත්‍රණයක් - ටිල්වින් සිල්වා

 

Leader Whats app

  

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්