රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත්

වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවැත්වෙන විශේෂ මාධ්‍ය  හමුවක් අමතමිනි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා, පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළේය.

ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු, තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසීය.



'ඇමැතිධූර ගත් දෙන්නට විනය පියවර ගන්නවා' - කිරිඇල්ල


මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසුයේ, ඇමැතිධුර ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවයි.

එලෙස ඇමැතිධුර ගැනීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති වලට පටහැනි බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.



නව කැබිනට් අමාත්‍යවරු 09ක් දිවුරුම් දෙති


නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (මැයි 20) දිවුරුම් දුන්හ. ඊට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද අයත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද නව කැබිනට් මණ්ඩලයට එක්ව තිබේ. සමගි ජනබලවේගය පක්ෂයෙන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ද කැබිනට් මණ්ඩලයට එක්ව ඇත. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ටිරාන් අලස් සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද නව කැබිනට් මණ්ඩලයට එක්ව සිටිති.


අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.

නිමල් සිරිපාල - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත් - අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල - සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම් අමාත්‍ය
රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනූෂ නානායක්කාර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
නලීන් ප්‍රනාන්දු - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය



මැයි 14 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරුන් 04දෙනෙකු පත් කරන ලදී.

මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත්, ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසත්, කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ඉදිරියේ එසේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්ය.
 
 
 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්