මේ රටේ අර්බුදය දේශපාලන හේතූන් මත ඇතිවූ දෙයක් යැයි ඇතමුන් කීව ද සැබෑ ලෙසම

එය පරිපාලන හේතූන් මත ඇතිවූවක් යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

''විශාල බහුතර ඡන්දයෙන් පත්වූ ජනාධිපතිට තුනෙන් දෙකක බලය තිබෙන පාර්ලිමේන්ටුවකුත් ලැබුනා. 20 වැනි සංශෝධනය හරහා තම බලයත් ජනාධිපති වැඩි කර ගත්තා. පාර්ලිමේන්තුව හා අමාත්‍ය මණ්ඩලයද මග හැරලා නිලධාරීන් කිහිප දෙනෙකු සමග රට පාලනය කළ හැකි යැයි සිතමින් ජනාධිපති කටයුතු කළ නිසයි මේ පරිපාලන අර්බුදය රටේ උද්ගත වූයේ යැයි 19 වන දා පාර්ලිමේන්තුව අමතමින් ඉරාන් වික්‍රමරත්න පැහැදිළි කළේය.

එහිදී වැඩි දුරටත් කථා කළ මන්ත්‍රී වරයා මෙසේ ද කීය.


'' රටේ ප්‍රශ්න සංකීර්ණයි. රටේ සියලු ප්‍රශ්න එක් පුද්ගලයෙකුට විසඳිය හැකි යැයි සිතන්නේ නම් රටට විශ්ව විද්‍යාල අවශ්‍ය නැහැ. උපාධි හා පශ්චාත් උපාධි ඉගැන්විය යුතු නැහැ. වෘත්තියවේදීන් වෘත්තිය විභාග සමත්වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. රටේ ප්‍රශ්න පහසුවෙන් විසඳිය හැකි නම් අත්දැකීම් තිබෙන උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එන්නත් අවශ්‍ය නැහැ. මේ පාලනයේ අර්බුද නිසයි රටේ ආර්ථික අර්බුදය මතූව තිබෙනවා කියන සත්‍ය අවබෝධ කර ගතයුතුයි.

''මේ කලාපයේ ඇෆ්ගනිස්තානය හා අපේ රට හැර අන් සියලු රටවල පසුගිය වසර දෙක තුළ කොරෝනා මධ්‍යයේ වූවද  විදේශ සංචිත වැඩි වුනා. අපේ රටේ සංචිත අඩු වූයේ රටේ පාලනයේ වරද නිසා. පාලනයේ අර්බුදය නොවිසඳා ආර්ථිකයෙන් ඉදිරියට යන්නට බැ.''


අරගලයේ ''තරුණයින් ගෝඨා ගෙදර යනු' කියනවා, ''රාජපක්ෂවරු ගෙදර යනු කියනවා'', රාජපක්ෂවරු නැති ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි කියනවා. ක්‍රමය වෙනස් කළ යුතුයි කියනවා, දූෂණයට සොරකමට තිත තියලා පිරිසිදු ආණ්ඩුවක් ඇතිකර ගත යුතුයි කියනවා. මේවා කරන්නට නම් අලුත් අය සුදුසු අයව ඉදිරියට ගෙනා ආ යුතුවෙනවා.

sedrtwerty

''අද රටේ පවතින අර්බුදය ආර්ථික අර්බුදයක් යැයි සමහරු පෙන්වන්න හදනවා. 2019 දී ඩොලර් බිලියන 7.6 ක් වූ විදේශ සංචිතය 100 % කින්ම පහළට ගොස් රට බංකලොත්භාවයට පත්වෙලා තිබෙනවා. මෙය මහා අවාසනාවන්ත තත්ත්වයක්. අගමැතිතුමගේ ප්‍රකාශය අනුව රාජ්‍ය ආදායම ද විශාල ප්‍රමාණයකින් අඩුවී ඇති අතර ණය ගැනීමේ සීමාව ට්‍රිලියන් 3.2 සිට ට්‍රිලියන 4 ට 25 % කින වැඩිකරන්න යනවා.''

මහ බැංකුව ආණ්ඩුවට දී ඇති ණය ප්‍රමාණය ට්‍රිලියන 1.8 කි. මහ බැංකුව පුද්ගලික අංශයට දී තිබෙන ණය ප්‍රමාණය බිලියන 700 යි. ඒ අනුව මහ බැංගුව ලබා දී තිබෙන සමස්ත ණය ප්‍රමාණය  ට්‍රලියන 2.5 ඉක්මවෙනවා. මෙයයි අපේ ගැටලුව.

මේ අර්බුදයෙන් ඉදිරියට යන්න සැලස්මක් තිබේ දැයි අග්‍රාමාත්‍යවරයෙගෙන් ප්‍රශ්න කළ ඉරාන් වික්‍රමරත්න, එසේ තිබේනම් එම සැලැස්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටියේය.

 

''එක් පුද්ගලයෙකුගේ මුහුණ ඉදිරියට දාලා රට මුහුණ දෙන විශාල ආර්ථික හා පාලන අර්බුද විසඳන්න බැහැ. මූල්‍ය පිළිබඳ වගකීම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පවරා තිබෙන බැවින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ගෙන යන සාකච්ඡා පිළිබඳ වාර්ථාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.''

ගෝඨාභය රාජපක්ෂ ජනපති එම වගකීම් පැහැර හැරිය ද අලුත් අගමැතිට හා අලුත් ආණ්ඩුවට එම වගකීම පැහැර හැරිය නොහැකි බව ඉරාන් වික්‍රමර්තන අවධාරණය කළේය.

රාජපක්ෂවරු නැති සමූහ පාලනයක් පිහිටුවීමයි අද රටේත් ජාත්‍යන්තරයේත් තිබෙන ඉල්ලීම වන අතර එවන් පාලනයකට සමගි ජන බලවේගයත් සහාය දක්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

serere

මැයි 09 වන දින සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා ගැන සඳහන් කළ ඉරාන් වික්‍රමරත්න මෙසේ කීය.

''බොහෝ මන්ත්‍රීවරුන්ගේ නිවාස හා අනෙකුත් දේපල් විනාශ වීමෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. අපේ මේ සමාජ ගැටලුව වෙනස් නොවීම රටට විශාල බරක්. මොරටු නගර සභාවේ නගරාධිපතිගේ නිවසට මෙන්ම නගර සභාවේ දේපල්වලටත් සිදු කර ඇති හානිය පිළිබඳව මොරටුවේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස එය හෙළ දකිනවා. අපි සමගි ජන බලවේගය ප්‍රචණ්ඩත්වය ට විරුද්ධයි.''

''ශ්‍රී ලංකාව මුළුල්ලේ තිබෙන පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරු පත් කිරීමේ වගකීම තිබෙන්නේ පොලිස්පති තුමාටයි.

අද වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන පොලිස්පති තුමා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙත යවන ලදැයි කියන ලිපියක් අනුව පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්, ස්ථාන මාරුකිරීම් හා අනෙකුත් විනය කරුණු පරිපාලනය කිරීමේ  රාජ්‍ය සේවා කොමිසම වෙත ව්‍යවස්ථාවෙන් පැවරෙන බලය පොලිස්පති තුමා වෙත පවරා දී තිබෙනවා. මේ මගින්, මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව හා මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ගැටලුවට හා අවදානමට පත්වෙලා තිබෙන බව ප්‍රකාශ කළ යුතුයි.''

මෙමගින් රාජ්‍ය සේවා කොමිසම තම වගකීම් පැහැර හැර ඇතැයි කී ඉරාන් වික්‍රමර්ත්න මන්ත්‍රීවරයා, එයට අදාළ පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුව හා ආණ්ඩුක්‍රම සභාව වෙත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දෙන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

''මැයි 09 වන දින සිදු වූ සිද්ධීන් වැළැක්වීමට පොලිසිය නිසි ලෙස කටයුතු කළේ නැහැ. පොලිසිය එය වැළැක්වීමට කටයුතු කර තිබුණේ නම් ප්‍රචණ්ඩකාරී සිද්ධීන් බොහොමයක් වැළැක්වීමට ඉඩ තිබුනා. '' යයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.





රනිල්ගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුවට

ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගැනීමෙන් පසුව එවකට ලෝකේ සිටි විශාල බැංකුව වන සිටි බෑංක් එකේ උප සභාපති වෙලා, ඉන්පසුව ලංකාවේ එන්.ඩී.බී බැංකුවේ නිර්මාතෘ වීමට වාසනා ලබා කටයුතු කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ ආරධනාවකින් පාර්ලිමේන්තුවට පිවිසි බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

''මෙසේ විවිධ සුදුසුකම් මත පොහොට්ටු පක්ෂය හරහා ද පාර්ලිමේන්තුවට පිරිස් පැමිණ සිටිනවා. පැත්ත කුමක් වූ වද, මේ දේශපාලන සංස්කෘතිය වෙනස්කොට ක්‍රියා කිරීමට මේ පාර්ලිමේන්තුව තුළ හා සමජ ක්‍රමය තුළ විශාල බාධක තිබෙනවා. සුදුසු කමට සුදුසු පුද්ගලයාට තැනක් දෙන්නේ නැහැ. මේ රජයේ අමාත්‍යවරු හා නිලධාරී පත්කිරීම් දිහා බලන විට එය ඔප්පු වෙනවා.

අරගලයේ සිටින තාරුණ්‍ය කියන්නේ වෙනස් කිරීමක් කරන්න කියල. එහෙත් ඒ සඳහා සුදුසු පුද්ගලයන් සුදුසු තැන සිටිය යුතුයි.


පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරු ඔවුන්ගේ නායකයා අපේක්ෂ කරන දෙය වෙනුවෙන් නිවටයන් සේ පෙනී සිටිය යුතුය යන සංස්කෘතියක් ද රටේ ඇති කර තිබීම රටේ ඉදිරි ගමනට ප්‍රධාන බාධකයක් බව පැවසු මන්ත්‍රීවරයා, ''මේ රට ගොඩ නඟන්නටනම් නායකයන්ට ඕනෑ දෙය නොව රටට ඕනෑ දෙය කරන්නටයී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආ යුතු වන්නේ. මේ සංස්කෘතිය වෙනස් නොකළ රට ඉදිරියට යන්න බැ'' යයි අවධාරනය කළේය.

 


 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්