දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය ගොඩ ඒමට උතුරුකරයේ ධීවරයන්ට අයත් කච්චතිව් දුපත

බිලී දීමේ වෑයමක් පවතින බවට ධීවර සංගම් බිය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීම නිසා පීඩා විඳින ජනතාවට සහන සැලසීමට ප්‍රතිඋපකාරයක් වශයෙන් කච්චතීව් දූපත ආපසු ලබාගැනීමට ඉන්දීය ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට එරට ධීවරයන් විශ්වාසය පල කර ඇත.

"ඉන්දියාව කච්චතීව් ආපහු ලංකාවෙන් ඉල්ලා ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම උනොත් ඉන්දීය ධීවරයන්ට මාළු බාන්න මූදු සැතපුම් 20ක විතර ප්‍රදේශයක් ලැබෙනවා. එහෙම උනොත් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වෙන්න ඕනේ නෑ," යි සමස්ත යාන්ත්‍රික බෝට්ටු සංගමයේ සභාපති පී යේසුරාසා ඉන්දීය ජනමාධ්‍ය සමග පවසා තිබුණි.

XDFGTR

''කච්චතිව් මුහුද  ප්‍රදේශය දීර්ඝ කාලීන බදු පදනම මත ඉන්දියාවට ලබා දෙන්න නියමිත බවට මාධ්‍ය හරහා දැන ගන්න තියෙනවා. මෙහි සැබෑ ස්වරූපය අපට තවම හරි හැටි  දැන ගන්න නැහැ. කොහොම වුනත් සෑහෙන කාලෙක ඉඳන් ඉන්දියාවේ අදහස වෙලා තිබුනේ කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවරයින්ට  අත්පත් කරගන්න ඕනෑ කියලා,'' යැයි මන්නාරම දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිතියේ ලේකම් එන්.එම්.අලාම් පෙන්වා දෙයි.

කච්චතිව් දුපත අසල මුහුදු තීරය දිගු කාලින බදූ පදනම මත ඉන්දියාවට ලබා දීමේ වෑයම ගැන ඊයේ [19] දිනයේ මන්නාරමේ මාධ්‍යවේදීන් කැඳවා පළාතේ සියලු ධීවර හා බහුජන සංවිධාන නියෝජිතයෝ ඒ ගැන කරුණු දැක්වුහ.

''රටේ පවතින ආර්ථික අර්බුදය යොදා ගෙන කච්චතිව් දුපත යළිත් අල්ලා ගන්න ඉන්දියාව සැලසුම් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ හිටපු මුදල් ඇමැතිලා ඒවාට සැලසුම් සකස් කරලා වෙන්නත් පුළුවන්''

''මේ දූපත ඉන්දියාවට දුන්නොත් දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තෙන්ම කච්චතිව් ශ්‍රී ලංකාවට අයත්ව තිබියදීත් ඉන්දිය ධීවරයන් අපේ මුහුදේ මත්ස්‍ය සම්පත අල්ලා ගෙන යනවා. මුහුදු සම්පත් විනාශ කරනවා වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට යොදා ගන්නවා,'' යැයි ධීවර නායක අලාම් කියයි.




ඉන්දීය අගමැතිනිය වූ ඉන්ධිරා ගාන්ධි 1974 දී කච්ච්තීව් දුපත ලංකා ආණ්ඩුවට සාමකාමිව පවරා දුන්නේ එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක සමග පැවති මිත්‍රත්වය හේතුවෙනි.

ඉන්දීය හා ලාංකික ධීවරයන්ට සිය මසුන් මැරීමේ කාර්යයේදී ඉතා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස කච්ච්ච්තිව් දුපත සැලකේ. ඉන්දීය හා ලාංකික ධීවරයන් අතර මෑතක සිට යම් යම් ගැටුම් ඇති වන්නට වුයේද කච්ච්ච්තිව් ආසන්න මුහුදේදීය.

මෙසේ කච්චතිව් දුපත දිගු කාලීනව බදු දීම තුලින් ගැටළු මතුවන්නේ උතුරු කරයේ  ධීවරයන්ට පමණක් නොවන බව පෙන්වා දෙන මන්නාරමේ ධීවර නායකයා පෙන්වා දෙන්නේ රටේ බොහෝ පෙදෙස් ඉන්දියාවේ ග්‍රහණයට නතු වීමේ ඉඩකඩ වැඩි බවකි.

''අලුත් අගමැතිතුමා වගේම විශේෂයෙන්ම ආණ්ඩුවට සම්බන්ධ උතුරේ අය මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනෑ. ආර්ථික අර්බුදය කියලා එක එක දූපත විකුණා දැම්මොත් නම් අපි මැරිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.''

 


කල්පිටිය දුපත් සමුහයට අයත් ධීවර පවුල් 300 ක් පමණ වෙසෙන රජයේ පාසලක් හා කතෝලික දේවස්ථානයක් ද පිහිටුවා ඇති උච්චමුනෙයි දුපත සංචාරක ප්‍රවර්ධනය නමින් ස්විස්ටර්ලන්ත සමාගමකට තිස් වසරකට බදු දීමේ ගිවිසුමකට පසුගිය දා අත්සන් කර තිබේ.

මන්නාරම දිස්ත්‍රික් ග්‍රාමීය සංවිධාන සම්මේලනයේ සභාපති ජස්ටීන් සොයිසා, උතුරු පළාත් ධීවර සංගම් එකතුවේ භාණ්ඩාගාරික ඇන්ටනී ශංකර්, උතුරු පළාත් ධීවර සමිති සම්මේලනයේ උප සභාපති බාලසුරේෂ් අච්චුදන් සහ සභාපති යෝගරාජ් කෘස් මෙම මාධ්‍ය හමුවට එක්වුහ.

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්