ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බලකරමින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය
(එච්.එන්.ඊ.ඩී. ) විසින් අද (21) සංවිධානය කරතිබූ පෙලපාලියට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවිය.
ඒ, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පිවිසෙන මංසන්ධියේදීය.
මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වූ එම විරෝධතා පාගමන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මාර්ග බාධක බිඳ දමා ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලීසිය මෙම ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
මෙම අවස්ථාවේදී ගාලුමුවදොර අරගල භුමියේ සිට විරෝධතාකරුවන් පිරිසක් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන්ගේ සහයට පැමිණියේය.
එහිදී දෙපිරිස අතර මතගැටුමක් සිදුව ඇතිබවද වාර්තාවේ.
අනතුරුව සියළුම විරෝධතාකරුවන් ගාලුමුවදොර අරගල භිමියට පිටියට පැමිණි අතර සවස 4.00ට පමණ එම විරෝධතා වැඩසටහන අවසන් විය.
අධිකරණ නියෝගයක් :
සිසුන්ගේ මෙම පාගමනට එරෙහිව කොළඹ කොටුව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබිණ.
ඒ අනුව අධිකරණය නියෝග කර තිබුණේ, එම සිසුන්ට කොළඹ කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට ඇතුලුවීම, හානි කිරීම සහ එම ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී ක්‍රියාවලින් තොරව එම විරෝධතාවය පැවැත්වියහැකි බවටයි.
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතා පාගමන සඳහා ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ (SSU ) ද සහයපලවී තිබිණ. එහි කැඳවුම්කරු රංගන ලක්මාල් දේවප්‍රිය ටෙලිකොම් වටරවුම අසලදී විරෝධතා පාගමනට සම්බන්ධ වී තිබු බව වාර්තාවේ.