ඇතැම් ඉන්ධන පිරහුම්හල් අසල ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා

යුධ හමුදාව කැඳවීමට රජය විසින් පියවරගෙන ඇත.

ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් අද (21) දිවයිනේ ප්‍රදේශ රැසකදී මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරත විය. එය සැළකිල්ලට ගනිමින්  මෙම තීරණය ගෙන ඇත.

ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කිරීම සහ කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකරන බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

 ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින හෙයින් අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් නොකරන්නැයි බලශක්ති අමාත්‍යවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.

පෙට්‍රල් දෙනතෙක් ඩීසල් බවුසරය ඇපයට අරන් !

මේ අතර වැලිගම නගරයේ අයි.ඕ.සි ඉන්ධන පිරහුම්හල වෙත ගෙන එන ලද ඩිසල් රැගත් බවුසරයක් ගොඩබෑමට ඉඩ ලබා නොදීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබිණි.

වැලිගම නගරයේ අයි,ඕ, සී ඉන්ධන පිරහුම්හල වෙත ඉන්ධන තොග ලැබෙන බවට ලද තොරතුරු මත යතුරු පැදි ත්‍රිරෝද රථ සහ තවත් රථ වාහන විශාල ප්‍රමාණයක් දිගු පෝලිම් වල රැඳී සිටියහ .

අද උදෑසන අටයි තිහට පමණ ඩීසල් රැගත් බවුසරයක් පැමිණ තිබූ අතර මෙහිදී පෙට්ටල් ලබා ගැනීම සඳහා එම ස්ථානයේ රැඳී සිටි රියැදුරන් පිරිසක් විසින් පෙට්‍රල් ලැබෙනතුරු එම ඩීසල් බවුසරය ගොඩ බෑම සඳහා ඉඩ ලබා නොදීමටත් එම ස්ථානයේ මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වූහ.

අනතුරුව එම ඩීසල් බවුසරය පොලිස් භාරයට ගෙන දැඩි ආරක්ෂිතව තබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

XFGDGRE


පොලිසියෙන් හදිසි නිවේදනයක්


මේ අතර පොලිසිය විශේෂ දැනුම් දීමක් කරමින් පවසන්නේ, අනවසර ලෙස ඉන්ධන ගබඩා කරගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා හෙට (21) දින දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බවයි.

ඒ අනුව හෙට සිට එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

 
(ජයාරූප - lankadeepa.lk)

 


 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්