ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමේ 50 වන සංවත්සරය අදට යෙදී තිබේ.



1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට හිමිවුණේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි.

ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍යයේ රජුට හිමි වූ අතර බ්‍රිතාන්‍ය රජුගේ මෙරට නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කළේ ය.

එපමණක් ද නොව ‍ඩොමීනියන් තත්ත්වය යටතේ මෙරට ඉහළම අධිකරණ බලය හිමිවුණේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයටයි.

මෙවන් පසුබිමක 1970 වසරේ පැවැති මැතිවරණයෙන් සමගි පෙරමුණට, තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිවිය.

ඔවුන්ගේ මැතිවරණ සටනේ ප්‍රධානම පොරොන්දුව වූයේ, ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත් කිරීමයි.

ඒ අනුව සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නීතිවිශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මූලිකත්වය ගත්තේ ය.

එම පොරොන්දුව ඉටු කරමින් 1972 මැයි මස 22 දිනයේ පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් මෙරට ජනරජයක් බවට පත් විය.

cb sh


කියවියයුතුම ලිපියක් :

මොකක්ද මේ සිස්ටම් චේන්ජ් එක ? -(ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ)

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්