ඕස්ට්‍රේලියාවේ 47 වෙනි පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (21) පැවති ෆෙඩරල් මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ උපත ලද

කැසන්ඩ්‍රා ප්‍රනාන්දු ජයග්‍රහණය කළාය.

ඇය හෝල්ට් ආසනය සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 10,408ක් ලබා ඇති අතර එය  57.7% ක් වේ. හෝල්ට් ඡන්ද කොට්ඨාසයේ තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙක් වූ රන්ජ් පෙරේරා පරාජයට පත් කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

1988 වසරේ ශ්‍රී ලංකාවේදී උපත ලද කැසන්ඩ්‍රා ප්‍රනාන්දු 1999 වසරේ සිය දෙමව්පියන් සමග ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචියට ගොස් තිබේ.

ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රථම කාන්තාව වන්නීය.

ඇය ඉංග්‍රීසි භාෂාව කථා නොකරන සංක්‍රමණිකයන් සහ සරණාගතයින් හට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය.

කැසන්ඩ්‍රා ප්‍රනාන්දු තමන් පේස්ට්‍රි සූපවේදිනියක මෙන්ම අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින්නියකි. එසේම ඇය සාධාරණ වැටුපක් සහ රැකියාවේ නිරත වීම සඳහා සාධාරණ කොන්දේසි ලබා ගැනීම සඳහා සටන් වදින සිල්ලර සහ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්තවල සේවකයින් වෙනුවෙන් පෙනී සිටින්නීය.

ඊයේ (21) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිරවණයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා කම්කරු පක්ෂයේ ඇන්තනී ඇල්බනීස් පත් විය.


සබැඳි පුවත් :


ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය

 
 

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්