හෙට (23) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමු කරන ලෙස විභාග

දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව විභාගය ආරම්භ වීමට පැය 2කට කලින් හෝ සිසුන්ව යොමු කිරීමට හැකි නම් එය වැදගත් වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.

 

නියමිත වේලාවට පසුව පැමිණෙන සිසුන්ට සහනයක් ලබා දීමටද විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

සාමාන්‍ය පෙළ විභාගය හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජූනි පළමු වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර විභාගය සඳහා පාසල් සහ බාහිර අයදුම්කරුවන් 517,469 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 3,844කදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර, එම මධ්‍යස්ථාන හෙට පැවැත්වෙන විභාගය සඳහා සූදානම් කෙරෙන ආකාරය දක්නට ලැබුණි.


අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්


අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැමිණෙන දූදරුවන්ට, ශාලාධිපතිවරුන් ට හා ගුරුවරුන්ට කිසිදු අවහිරතාවයකින් තොරව විභාගයට සහභාගිවීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම පෝලිම්වල රැඳී නොසිට දිවයින පුරා ඉන්ධනහල් මඟින් සාමාන්‍ය පෙළ විභාග කාර්යය මණ්ඩලයේ වාහන සඳහා ප්‍රමුඛතාව ලබාදී අවශ්‍ය පෙට්‍රල් ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇති බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුසිල් ප්‍රේම්ජයන්ත් එම අදහස් පළ කළේය.

"අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමා පෙට්‍රල් සහ ඩීසල්. මම ඊයේ දවස පුරාම කැප කළේ, ආණ්ඩුකාරවරු 9 දෙනාම සම්බන්ධීකරණය කළා දුරකථනයෙන්. ඒ අය මාර්ගයෙන් බලධාරීන් මඟින් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට යම් ආකාරයක අවශ්‍යතාවය හැටියට සළකලා හැඳුනුම්පත, විභාග රාජකාරි ලිපිය, දරුවෙක් නම් එයාගේ ඇඩ්මිෂන් කාඩ්පත මේවා තියෙන අයට ප්‍රමුඛතාවයක් දෙන්න කියලා.

 ඕනේ නම් එක පිරවුම්හලකට 10 - 15ක් එයි අපේ නිලධාරීන්. ඊට වඩා එන්න විදියක් නෑ. මොකද 1190ක් පිරවුම්හල් දිවයින පුරා තියෙනවා. එහෙම එන අයට ඔවුන්ට දීලා තියෙන ලිපිය අනුව ප්‍රමුඛතාවය දීලා ඉන්ධන ටික ලබාගන්න දෙන්න.

 

''මම මෙහිදී සඳහන් කරන්න ඕනේ 2005 - 2010 අධ්‍යාපන ඇමතිවෙලා ඉන්න කොට කිසිම අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානය පවා අපේ රටේ කිසිදු ප්‍රසිද්ධ විභාගයක් දරුවන්ගේ කඩාකප්පල් කරන්න, බාධා කරන්න කිසිදු උත්සහයක් දැරුවේ නෑ. යාපනයේ දුපත්වල පවා විභාග මධ්‍යස්ථානවල විභාගය පැවැත්වුණා. ''

 

යම්කිසි පිරවුම්හලක් අසල පාර වැහුවොත් ඒකේ ප්‍රමාදය ඇතිවෙන එක  බලපාන්න පුළුවන් මේ දරුවන්ට. ශාලාධිපතිවරුන්ට හා ගුරුවරුන්ට ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ගවලින් වැළකී සම්පූර්ණ සහයෝගය ඒ පිරිසට ලබාදෙන්න."


'සිසුසැරිය' බස් රථ උපරිම ධාරිතාවයෙන්..


අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලුම 'සිසුසැරිය' බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් දුන් බව ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා පැවසීය.

සිසුසැරිය' බස් රථ උපරිම ධාරිතාව අධීක්‍ෂණය කිරීම සඳහා පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත වැඩිදුර උපදෙස් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.


ප් රවෘත්ති නිවේදනය 2022.05.22 page 0001 282104903 559592715727268 4211561129380414302 n

 

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates