කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් හත් දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ

අද (23) පෙරවරු 10.00ට දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ද, මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් වන බන්ධුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක හා රාජ්‍ය අමාත්‍යවරයකුව සිටි රොෂාන් රණසිංහ අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

මිට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල හා රමේෂ් පතිරණ අමාත්‍යවරුන් දෙදෙනාට ද එම අමාත්‍යංශ විෂයන්ට අතිරේකව වෙනත් විෂයන්ද අද දිනයේ පැවරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇත. ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා කිරීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා අනෙකුත් අමාත්‍යවරුන් ඉදිරියේදී පත්කරනු ඇතිබව වාර්තාවේ. 

 

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්