පසුගිය අප්‍රේල් මාසයේ මෙරට ආහාර උද්ධමනය 45.1%ක් දක්වා ඉතා වේගයෙන් වැඩි වී ඇති අතර සමස්ත උද්ධමනය එම මාසයේදී 33.8%ක් වැඩිවී ඇති

බව මහ බැංකුවේ අලුත්ම නිවේදනවලින් හෙළිවේ.

මෙම තත්වය විශේෂයෙන්ම බැංකුවල තැන්පත් කර ඇති මුදල් කෙරෙහි විශාල වශයෙන් ඍණාත්මක බලපෑම් ඇති කර තිබේ.

මේ වනවිට තැන්පතු සඳහා ගෙවන පොලිය 13%ක මට්ටමේ තිබෙන අතර උද්ධමනය 34%ට ආසන්න වීමෙන් නිරන්තරයෙන්ම තැන්පතුවල වටිනාකම 20%කින් පමණ අවප්‍රමාණය වීම සිදු වේ.

අද (24) අලුයම සිට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමීමත් සමඟ යළිත් වටයකින් උද්දමනය ඉතා ඉහල මට්ටමකට ගමන් කිරීමේ පසුබිම නිර්මාණය කර තිබේ.

c 1c 2c 3c 4

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේ සියයට 33.8ක් ලෙස සටහන්ව ඇත.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ සියයට 29.5ක් ලෙස සටහන් වුව ද එය අප්‍රේල් මාසයේ සියයට 45.1ක් ලෙස සටහන්ව තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ සියයට 14.5ක් ලෙස සටහන්ව ඇති අතර එය අප්‍රේල් මාසයේ සියයට 23.9ක් ලෙස සටහන්ව ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව, මාර්තු මාසයට සාපේක්‍ෂව අප්‍රේල් මාසයේ මාසික පවුලක වියදම රුපියල් 5672.59කින් ඉහළ ගොස් තිබේ.


'' වහාම වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතුයි '' - අගමැති


මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ, විද්‍යත්මක හා සැලසුම්  සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතු බවයි.

 ලෝක අහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ  අහාර සුරක්ෂිතාව ඇතිකිරීම පිලිබඳ සාකච්ඡාවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති අතර එහිදී අහාර භෝග පශු සම්පත් සහා අපනයන භෝග පිළිබඳ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

ඊට අමතරව පොහොර, බිජ සහ ඉන්ධන ගැටලුව පිළිබඳ මෙහිදී  දිර්ඝ ලෙස සාකච්ඡා කල බවත්, ඊට ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා උපදෙස් ලබා  දුන්බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියා සිටියි.

 

''මාසිකව සහල් අවශ්‍යතාව මේටික් ටොන් ලක්ෂ දෙකක් . දැනට රට තුල සහල් සංචිතය ප්‍රමානාවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයි..''  අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡා අනාවරණය කර තිබේ.

 

ඊලඟ කන්නයේ අස්වනු නෙලිමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය අහාර හිඟයට මේ මොහොතේ ගත හැකි විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අවශ්‍ය  බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වාදී තිබේ.

 විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල අහාර සැපයීම පිලිබඳ මෙහිදී අවධානය යොමු කළ බවත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

බස්නාහිර හා දකුණු පලාත්වල වගා සංග්‍රාමය හා අහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, කොලඹ පුරපතිනි රොසි සේනානයක, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුලත් කමිටුවක් ද පත්කර ඇත.

රට තුළ දැනට පවතින අහාර ප්‍රමාණය පිළිබඳ  දත්ත එක්රැස් කිරීම සහා නිර්දේශ ඉදිරිපත් පත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා පත් කර තිබේ.


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්