ප්‍රකට සමාජ මාධ්‍ය මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන දර්ශන හදුන්ගොඩට හෙට (25) පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)

 හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත.

ඒ, ඔහු විසින් සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

ඔහු වසර ගණනාවක් පුරා යූටියුබ් නාලිකා නියෝජනය කරමින් පවතින දේශපාලන තත්වයන් හා දූෂණ වංචාවන් හෙළිකරමින් සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවන්හි නිරතව සිටින අයෙකි.

පසුගිය මාස කීපය පුරාම 'SL දේශය' යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් ඔහු රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටියි.

ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග වලට අනුව දර්ශන හදුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවති.

IMG 20220524 WA0002

 
 

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates