සක්විති රජකම දෙනවා කීවත් දොරටුපාල අගමැතිකම් ගන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
කිසිදු හේතුවක් මත සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පාවා දීමට තමන් සූදානම් නැති බවත්, ජන අරගලයේ ඉල්ලීම් වලින් පිට කිසිවක් තමන් සිදු නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
විපක්ෂ නායකවරයා එබව කියා සිටියේ, ඔහුගේ 'සක්වල' වැඩසටහන යටතේ, බස්නාහිර පළාතේ මහරනුගේගොඩ ධර්මරාජ විද්‍යාලයට පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“සක්වල” වැඩසටහනෙහි 20 වන පියවර ලෙස රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 8,46,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ එම පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.
''රට විනාශ කරන අල්ලියක් සමග එක් වෙනවාට වඩා විපක්ෂයේ සිටීම සතුටක් යැයිද ඔහු එම අවස්ථවේදී පැවැසීය.
වරදාන වලට, වරප්‍රසාද වලට ආත්මය පාවා නොදෙමින්, රටේ ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ වෙනුවෙන් තමන්ට අගමැතිකම් අවශ්‍ය නැතැයිද කියා සිටියේය.
සජබ නායක සජිත් ප්‍රේමදාස කොන්දේසි සහිතව අගමැති ධුරය බාර ගැනීමට කැමැත්ත පළකර තිබියදී, එජාප නායක රනිල් වික්‍රමසිංහ කිසිඳු කොන්දේසියක් ඉදිරිපත් නොකොට අගමැති ධුරයේ දිව්රුම් දුන්නේය.