21 වන ව්‍යවස්ථා සංශෝධන යට ගැසීමේ, කල් යැවීමේ හෝ පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමේ කූට කුමන්ත්‍රණයක් ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂගේ

මෙහෙයවීම මත දියත්ව ඇතිබවත් එම නීච උත්සාහයන් තරයේ හෙළා දකින බවත් 'සර්වපාක්ෂික අරගලකරුවෝ' අවධාරණය කර සිටියි.

ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ජනතාව පීඩාවට පත්කරමින්, අරාජික දේශයක් නිර්මාණය කිරීමට හේතු වූ සහ අත්තනෝමතික අශිෂ්ට පාලනයකට මග පෑදූ 20 වැනි ව්‍යවස්ථාව පිළිබඳ මේ වන විට රට තුළ පැන නැගී ඇති විරෝධය හා අප්‍රසාදය හමුවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා පාර්ලිමේන්තුවට වගකීම පැවරෙන ප්‍රශස්ත පාලන ක්‍රමයක් ගෙන ඒමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඊයේ (23දා) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

නමුත් අසාර්ථක පාලනය හා දූෂණය නිසා ජනතාව විසින් රාජ්‍ය පාලනයෙන් පන්නා දමන ලද රාජපක්ෂ අවතාර විසින් එකී ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමී කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම යට ගැසීමේ, කල් යැවීමේ හෝ පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමේ කූට කුමන්ත්‍රණයක් ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම මත දියත් කර ඇතැයි 'සර්වපාක්ෂික අරගලකරුවෝ' සිය නිවේදනය මගින් කියා සිටියි.

රට මෙවැනි ආගාධයකට ඇදදමමින්, ජනතාව මහමඟට ඇද දැමූ රාජපක්ෂ පවුල් පාලනය තවදුරටත් පොදුජන හැඟීම් මායිම් නොකොට, හුදෙක් තම පවුලේ දේශපාලන බලය තහවුරු කිරීමේ පටු ආකල්පයෙන් යුතුව ගන්නා මෙම නීච උත්සාහයන් අපි තරයේ හෙළා දකින බවද එම සංවිධානය පවසයි.

 

ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හරහා බැසිල් රාජපක්ෂ නම් ඇමෙරිකානු පුරවැසියා විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම අශිෂ්ට හා නින්දිත ක්‍රියාවලිය පරාජය කර, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සියලු භේද අමතක කොට එක්ව ක්‍රියාමාර්ග ගනු ඇතැයි 'සර්වපාක්ෂික අරගලකරුවෝ' අපේක්ෂා කරයි.

 

තවද රට වෙනුවෙන් යැයි පවසමින් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් මහජන නියෝජිතයන් මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදුකරන සාධනීය සහ සක්‍රිය මැදිහත්වීම පිළිබඳවද දැඩි අවධානයෙන් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

තවද සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රටට අත්කරදීමේ අරගලයේ පෙරමුණ ගනිමින් අප ශ්‍රී ලාංකේය පුරවැසියන් සමග එක්ව කටයුතු කරන අතර, එකී අරමුණ වෙනුවෙන් තම සංවිධානය සමඟ එක්ව අත්වැල් බැඳගන්නා ලෙසට 'සර්වපාක්ෂික අරගලකරුවෝ' සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.


සර්වපාක්ෂික අරගලකරුවන් වෙනුවෙන්


01. මංජුල සමරසේකර - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
02. විබීතක ආර්.එස්. පොද්දුවගේ - ප්‍රමාණ සමීක්ෂක / සමාජ ක්‍රියාකාරී
03. සමිත් බෝධිපක්ෂ - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
04. නිරාශාන් විතානගේ - නීතිවේදී / සමාජ ක්‍රියාකාරී
05. ෂේන් ප්‍රියවික්‍රම - සමාජ ක්‍රියාකාරී
06. බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න  - සමාජ ක්‍රියාකාරී
07. කෞශාල් රණසිංහ -  නීතිවේදී/ මානව හිමිකම් ක්‍රියාකාරී
08. ඉනෝක ජීවන් - සමාජ ක්‍රියාකාරී
09. පාලිත වික්‍රමරත්න - පරිසරවේදී / සමාජ ක්‍රියාකාරී
10. මනිෂ් ගලප්පත්ති - සමාජ ක්‍රියාකාරී
11. ගයාන් ගාල්ලගේ - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
12. කැලුම් අමරතුංග - සමාජ ක්‍රියාකාරී


PHOTO 2022 05 24 13 00 01


සබැඳි පුවත්


ගාලු මුවදොර පුරවැසි අරගලයේ පාර්ශ්වකරුවන් ගෙන් යෝජනාවලියක්

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්