පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් අද (24) සිදුවිය.



ඒ, කොහුවල, ශ්‍රී මහා විහාර මාවතේ, අංක 28 දරණ ස්ථානයේ පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්‍යාලයේදී ය.

එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාරද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න සහභාගී විය.

මූලික වශයෙන් ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම, ජනතාවට එල්ල වන මර්දනයට හා අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම යන මාතෘකා සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවිය.

වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවබෝධයක් ඇති කර ගන්නා ලදී.

283030117 582917213194562 1186046065231227663 n
PHOTO 2022 05 24 14 20 22 1PHOTO 2022 05 24 14 20 23PHOTO 2022 05 24 14 20 21


සබැඳි පුවත් :


පෙරටුගාමියෝ සජබ හා TNA සමග සාකච්ඡා අරඹයි

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්