ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අලුත් ආණ්ඩුවේ අමාත්‍යදූර බාර ගැනීම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි අතර,

අදාල අමාත්‍ය තනතුරු ලබාගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍යදූර ලබාගැනීම සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරනය වී තිබෙන්නේ වර්තමාන රජය තුල අමාත්‍ය දූර බාර නොගෙන පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණ සඳහා පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සහය ලබාදීම බව ශ්‍රීලනිප සභාපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වාදී ඇත.

 

''නව අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ එය ක්‍රියාකලයුතු ක්‍රමවේද පිලිබඳ පුලුල් විග්‍රහයක් අප රටට හා රජයට යෝජනා කරන ලදි. අදාල සංකල්පය පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂද මැතිවරණ කොමිෂන් සභාවද අදාල ක්‍රමවේදය සාදනීය ක්‍රමයක් ලෙස පිලිගත් අතර, ගරුතර මහා සංඝරත්නය, නීතීඥ සංගමය, සිවිල් සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තරය පවා පිලිගන්නා ලද යෝජනා වලියකි.''

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා සත්භාවයෙන් රට වෙනුවෙන් සංකල්පයක් ඉදිරිපත්කර තිබියදී පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හට කරුණු නොදන්වා නැවතත් සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍යදූර පිරිනැමීම හා අදාල අමාත්‍යදූර බාර ගැනීම මධ්‍යමකාරක සභාවේ හා පක්ෂයේ තීරනයට පටහැනි අතර, අදාල අමාත්‍ය තනතුරු ලබාගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් දී නොමැති බව මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නායකයකුවන මහින්ද අමරවීර මේවනවිටත් අලුත් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර බාරගෙන ඇති අතර පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඉදිරිදින කිහිපයතුලදී රාජ්‍ය අමාත්‍යධුර බාරගැනීමට නියමිතය බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.


283148751 557543355741042 175975611645475623 n

 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්