සංහිඳියාව සහ දකුණේ දේශපාලනය ගැන කතා කරන දේශපාලනඥයන්ට දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන්
සාධාරණයක් ඉටු කළ නොහැකි බවට බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් පවසා තිබේ.
රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළවුන් හා හමුදාවට බාරවීමෙන් පසු අතුරුදහන් කළවුන්ගේ ඥාතින් විසින් යුක්තිය ඉල්ලා දියත් කර තිබෙන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයට අදට දින 1920ක් පිරෙයි.
රටේ ආර්ථිකයට පැටවී ඇති බර ලිහිල් කිරීම සම්බන්ධයෙන් දකුණේ අරගලකරුවන් වෙතින් මගහැරී ගිය බව පෙනෙන යෝජනාවකට ඔවුන් නැවත එහිදී අවධානය යොමුකර තිබේ.
වවුනියා අරගල බිමේ ඊයේ පැවති උද්ඝෝෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතුරුදහන්කළවුන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ ලේකම් රාජ් කුමාර් කියා සිටියේ ලංකාවට ආධාර ලබා දීමේදී උතුරු නැගෙනහිර පළාත් වල බලහත්කාරයෙන් වාඩිලා සිටින රජයේ හමුදා ඉවත් කළ යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් කොන්දේසියක් පනවා ඇති බවයි.
''ලංකාවේ ආර්ථිකයෙන් සියයට පහළොවක්ම වියදම් කරන්නේ ආණ්ඩුවේ ආරක්ෂක හමුදා වෙනුවෙන්. උතුරු නැගෙනහිර පළාත් වලින් හමුදාව ඉවත් කරගන්න කියන එක තමයි දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වෙන්නේ. ඒ සඳහා හැමෝම එකතුවෙලා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි.''
ලංකාවට ආධාර ලබා දීමේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර කොන්දේසි පනවන ලෙස දෙමළ දේශපාලනඥයන් සහ බහුජන සංවිධාන නියෝජිතයන් විසින් ඇමරිකානු සහ යුරෝපීය රටවලින් ඉල්ලා සිටිය යුතු බවද අතුරුදහන්කළවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කරයි.
''එසේ නොමැති නම් කර්මය අපි හැමෝම විනාශ කරනවා. සිංහල නායකයන් බලයට පත් සෑම විටකම ජාතිවාදීන් ලෙසයි වැඩ කරන්නේ. මෙය අවුරුදු 74 ක් දෙමළ අපි අත් දුටු ඉතිහාසයයි.''
''සංහිදියාව දකුණේ දේශපාලනය ගැන කතා කරන දේශපාලකයන්ට දෙමළ වර්ග සංහාරය සම්බන්ධයෙන් යුක්තියක් ඉටු කරන්න බැහැ.''
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15