මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි 'අරුණ' පුවත්පත වාර්තා කරයි.



ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද කියයි.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික යළි ගොඩගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබාගැනීමට හැකි පුද්ගලයකු මහ බැංකු අධිපති ලෙස පත්කල යුතු බව පවසමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේවනවිට කටයුතු කරයි.

ආර්ථික අර්බුදය උත්සන්න වන විට ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපති ධුරයට පත් කෙරිණි.


''ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා'' -මහ බැංකුවේ අධිපති

 

NANDALAL WEERASINGHE CBSL GOVERNOR

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ඊයේ (24) පැවසුයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බවයි.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  ඊයේ කැඳවනු ලැබ සිටියහ.

මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.

සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පෙරවරුවේ රැස්විය.

මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය

රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.

 

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සඳහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය.

 

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද වීරසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවයි.

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.

එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

 
 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්