රටේ පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා තමාට මැදිහත් විය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.
සෞදි අරාබියේ ඉන්ධන හා ඛනිජ සම්පත් පිළිබඳව කිං ෆහාඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන තමාට එම විශ්වවිද්‍යාලයේම උපාධිධාරියෙකු වන වත්මන් සෞදි අරාබියානු රජයේ ඛනිජ සම්පත් පිළිබඳ අමාත්‍යවරයා සමග සෘජුවම සම්බන්ධ වී අප රටේ ඉන්ධන අර්බුදයට විසදුම් ලබාගත හැකි මාර්ගයක් සකසා ගත හැකි බවත්, ඒ තුළින් නුදුරු අනාගතයේ දී රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත හැකි බවත් ඔහු කියා සිටියි.
පරිසර අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඊයේ සිය අමාත්‍යාංශයේ දී වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
''පක්ෂ වලට බෙදී ජාතික ගැටලු වලට විසඳුම් සෙවිය නොහැකියි''
අද රටේ උද්ගතව ඇත්තේ දේශපාලන අර්බුදයක් නොව ආර්ථික අර්බුදයක් බවත් මේ සඳහා විසඳුම් ලබාදීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් පරිසර අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
''අද රට පවතින තත්ත්වයට පක්ෂ වශයෙන් බෙදී වෙන් වී පිළිතුරු සෙවිය නොහැකියි. මෙම ජාතික අර්බුදයේ දී සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි..'' ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ සහ එහි ආයතන නිසි පරිදි කළමනාකරණය කර රටට වැඩදායි වැඩ කොටසක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොන කාදර් මස්තාන්, එස්.එම්. එම්. මුෂාරෆ් , අලි සබ්රි රහීම් යන මහත්වරු සහ අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගි විය.