රුසියානු රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙනබවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යබව
කොළඹ රුසියානු තානාපති කාර්යාලය පවසයි.කොළඹ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ඔවුන් කිසිවිටෙක අමාත්‍ය කාංචන විජේසේකර සමඟ හමුවක් පවත්වා නොමැති බවයි.
මෙරට ප්‍රජාවට සහය අවශ්‍ය වූ විට කරන ලද ඉල්ලීමක් රුසියාව කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකරන බවද ඔවුහු පැවසූහ.
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මේ වන විටත් රුසියානු රජයේ අදාළ ආයතන වෙත යොමු කොට ඇති බව රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.