”පට්ට හොරු… ගේන්න දේකුත් නෑ. ගෙනියන්න දේකුත් නෑ.. රැස් කර කර යන දේශපාලන ජීවිතවලට කියන්නෙ,

අස්පස් කරගෙන පලයල්ලා” යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරික දර්ශන හඳුන්ගොඩ පැවසිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද ඔහු එබව කියා සිටියේ, රාජපක්ෂවරුන්ට අභියෝග කරමිනි.

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අද පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

ඒ පසුගිය කාලයේ 'SL දේශය'  YouTube නාලිකාව  විසින් සිදුකළ අනාවරණයක් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා බව දුරකථනය ඔස්සේ දැනුම් දෙමිනි.

කෙසේ වෙතත් හඳුන්ගොඩ පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන්ට ලිඛිත නිත්‍යනුකූල සිහිකැඳවීමක් නොමැති බැවින් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට ඇතුළු නොවන බවයි.

”මට එන්න කියලා කිසිදු නිත්‍යනුකූල ලියවිල්ලක් නෑ. ටෙලිෆෝන් එකෙන් කතා කරලා කියනවා. මගේ ෆෝන් එක වැඩ නැත්නම් වෙන කාට හරි කතා කරලා කියනවා මේ පණිවිඩෙ කියන්නෙ කියලා”

පසුව ඔහු සිය  නීතිඥයින්යින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට පිටත් කර යවා තිබුණේ, තමා හමුවිය යුතු නිලධාරී මහතා කවුරුන් ද ? කුමන් කාරණවක් සඳහා තමන් කැඳවන්නේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කරුණු විමසා පැමිණෙන ලෙස  පවසමිනි.
 

 


 

Leader Whats app

  

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්