පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට බලපෑම් කරමින්

සිටින බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එම ආරංචි මාර්ගවලට අනුව එසේ බලපෑම් සිදුකරමින් සිටින්නේ, අරලියගහ මන්දිරය ඉදිරිපිට 'මයිනා ගෝ ගම' හා ගාලුමුවදොර 'ගෝඨා ගෝ හෝම්' අරගල භුමියේ සාමකාමී විරෝධතාවයක නිරතව සිටි විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණි මැර පිරිසට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන්නැයි පොලිස්පතිවරයා විසින් ලබාදී ඇති නියෝගයන්ට අදාල සාක්ෂි වසන්කරන ලෙසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයට පමණක් නොව, සිද්ධියට අදාල විමර්ශන කරනු ලබන වෙනත් නිලධාරීන්ටත්, විශේෂයෙන් අධිකරණයට කරුණු වර්තාකළ සහකාර පොලිස් අධිකාරිවරයාටත් පොලිස්පතිවරයා විසින් දිගින් දිගටම බලපෑම් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.

හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පසුගිය 09 දා අරලියහග මන්දිරයේ සිට පැමිණ අරගලකරුවන්ට එල්ලකළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට නඩු විභාගයක් පැවැත්වේ

 


Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates