21වෙනි සංශෝධනය කඩිනමින් යථාර්තයක් කිරීම වත්මන් අගමැතිවරයාගේ පළමු වගකීම බව

'මහජන සභාව' අවධාරණය කර සිටියි.

'මහජන සභාව' කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් එම කාරණය අවධාරණය කර ඇත්තේ, සෞඛ්‍ය සේවයේ ප්‍රකට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවී කුමුදේශ් විසිනි.

21වෙනි සංශෝධනය ඉදිරිපත් කරන දිනයේ ඊට සහය නොදෙන කිසිවකුට නැවත ඒ පුටුවල ඉදගැනීමට හෝ අත් එසවීමට මේ රටේ මහ ජනතාව ඉඩදෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා යයි රවී කුමුදේශ්  අනතුරු අඟවා සිටියි.

සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එම කාරණය තවදුරටත් මෙසේ සංක්ෂිප්තව පැහැදිලි කර සිටියි.


? ️විසි එක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ මොනවාද කියලා රජය හෝ අගමැතිවරයා ප්‍රකාශයට පත් කරන තුරු, මහ ජනතාව විදිහට අපිට 21 කියන්නේ නොම්මරයක් විතරයි.

? ️21ක ගැන මහජතාවට නිවැරදි අවබෝධයක්  ලබා දෙන එකත්, එය අනුමත කර ගන්නා වැඩපිළිවෙල, සහයෝගය ලබා ගැනීමේ ක්‍රම වේදය සහ එය යථාර්ථයක් බවට පත් කරන කාල රාමුව පිළිබදව වහාම  රට දැනුවත් කල යුතුයි.

? ️21වෙනි සංශෝධනය ගේන දවසට අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේතුවට අපි යවපු අත් 225ම ඉහලට එසවෙයි කියලා. එහෙම නැති අයට නැවත ඒ පුටුවල ඉදගන්න හෝ අත් උස්සන්න මේ රටේ මහ ජනතාව ඉඩදෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.
 

 

 
21 යථාර්ථයක් බවට පත්කළ හැකි ද?


විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් අරමුණුකර ගත් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන භූමියේ යථාර්ථයක් බවට පත්කිරීම විශාල පිරිසකගේ උත්සාහය බවට පත්ව තිබේ.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂවල සහය ලැබෙනු ඇති ද යන සැකය මෙහිදී මතුව එයි.

නැතහොත් මෙය තවත් කල්මැරීමේ උත්සාහයක් වනු ඇත් ද?

මේ විමසාබැලීම යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව යි.


කෙටුම්පත කැබිනට් මණ්ඩලයට

setth

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව මැයි 23 දා කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.

මෙම කෙටුම්පත මැයි 27 සිකුරාදා සාකච්ඡාව සඳහා වහාම සියලු පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට තීරණය වූ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
අවසන් කෙටුම්පත සකස්කර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඉන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැ යි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.



21න් යෝජනා කරන්නේ මොනවා ද?

# විධායක ජනාධිපති බලතල සීමා කිරීම
# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම
# ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
# ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීම
# රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

 

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ වන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම යි.



20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දුර්වල කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම හා වඩාත් ස්වාධීන කිරීමට නව කෙටුම්පතින් යෝජනාකර ඇත.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ජනාධිපතිවරයා පත්කරන මන්ත්‍රීවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළත් වෙති.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා පත්කරන පත්කරන මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ වෘත්තීයවේදීන්ගේ සංගමය නම් කරන වෘත්තීයවේදියෙක් ද ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාව වාණිජ සභාව නම් කරන නියෝජිතයෙකු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත් වනු ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කෙරෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයෙකු ද ජනාධිපතිවරයා ඊට පත් කළ යුතු ය.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂවලින් මන්ත්‍රීවරයෙකු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතුබවට නව කෙටුම්පතින් යෝජනාකර ඇත.

කතානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුතු ය.

erer33

ස්වාධීන කොමිෂන් සභා නැවත බලාත්මක කරමින් මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා මෙම කෙටුම්පත මඟින් ස්ථාපිත කෙරෙනු ඇත.

අදාළ කොමිෂන් සභා සඳහා ජනාධිපතිවරයාට සභාපතිවරුන් හා සාමාජිකයින් පත්කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පමණක් වීම විශේෂත්වයකි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් දැනට එම පත්කිරීම් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ වරම ද යෝජිත 21 වැනි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අවහිර කිරීම කැපී පෙනෙන යෝජනාවකි. කෙටුම්පතෙහි තවත් විශේෂ යෝජනාවක් වන්නේ එය ක්‍රියාත්මක වන දිනයේ සිටම ඒ වන විට ධුරයේ සිටින ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට එය බලපැවැත්වීම යි.



යෝජිත සංශෝධනයට අනුව අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, සභාපතිවරයා ප්‍රමුඛ අභියාචනාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින්, නීතිපතිවරයා, රජයේ විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, මහ බැංකු අධිපතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා පත් කළ හැක්කේ ජනාධිපතිරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසුව පමණ ය.

එම පත්කිරීම් සහ ස්වාධීන කොමිෂන් සභාවලට අදාළ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ලැබී දින 14ක් ඇතුළත කළ යුතු බව ද කෙටුම්පතේ දැක්වේ.

ඒ අනුව කැබිනට් කැබිනට් නොවන හා රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම කළ යුතු වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත වීම විශේෂත්වයකි.



'19හි වැදගත් ප්‍රතිපාදන 21හි ඇතුළත් නැහැ' - නීතිඥ සංගමයේ අවධානය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනයෙහි වූ වැදගත් ප්‍රතිපාදන 21 ව්‍යවස්ථා කෙටුම්පතෙහි ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේ ය.



ඒ පිළිබඳ සිය දැඩි සැලකිල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට ලිපියක් යවා තිබේ.

"19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව ජනාධිපතිවරයාට තමාට විෂයයක් හෝ කාර්යයන් පැවරීමෙන් වළක්වන ලදී. කෙසේ වෙතත්, 21 වැනි සංශෝධනයේ එවැනි ප්‍රතිපාදනයක් ඇතුළත් නොවන අතර, එම නිසා ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දිගටම තබා ගැනීමටත්, ඕනෑම විෂයයක් සහ කාර්යයන් තමන්ට පවරා ගැනීමටත්, ඕනෑම අමාත්‍යවරයකුගේ විෂයයන් සහ කාර්යයන් පවරා ගැනීමටත් හැකි වේ."


21 වැනි සංශෝධනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් විය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස යි.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබා ගැනීමේ බලය ඉවත්කර, ඔහුට යම් විෂයක් හෝ කාර්යයක් පැවරීමේ ප්‍රතිපාදන ඇතුළත් විය යුතු බව ඔවුන් ප්‍රකාශ කරයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ "මීට අමතරව, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිවිරුද්ධව, පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු වසර හතරහමාරකට පසුව පමණක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට සහ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල එලෙසම පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යළි ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි."

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත යවන ලද ලිපිවල ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාවල අඩංගු කරුණු 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු බව යි.



එනම්,

# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව (මහ බැංකු අධිපතිවරයාට අමතරව) පත්කළ යුතු මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සඳහා ප්‍රතිපාදනයක්

# අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම සඳහා ප්‍රතිපාදන - අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ යුතු ය.

# ජනාධිපති සමාව ලබාදීම අවශ්‍ය කරන විධිවිධාන - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නීතියෙන් ස්ථාපිත ආයතනයක නිර්දේශයට අනුව සිදුකළ යුතු ය.

# ස්වාධීන කොමිෂන් සභාවල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා වූ විධිවිධාන.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා වැඩි කළ යුතු බවත්, ඊට ප්‍රතිවිරුද්ධව 17 වැනි සංශෝධනයෙන් සොයාගත් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7 සිට 5 දක්වා අඩු කිරීමටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් නිර්දේශ කරයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බැවින් එය කඩිනමින් බලාත්මක කිරීම සහතික කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

w44r
 

"විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කරන්න"

ere33විපක්ෂනායක සජිත් ප්‍රේමදාස 
 
 
21 සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කළයුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

"21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට, 20 ඉවත්කොට 19 අංග සම්පූර්ණව ගෙන එන්නටත්, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණවලටත් ප්‍රවේශ වන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ," ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඔහු අවධාරණය කළේ ය.

විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ, "තවදුරටත් ජනතාව රවට්ටන්න නැතිව, දේශපාලන කුමන්ත්‍රණ දියත් කරන්නැතුව දේශපාලන අඳබාලයෝ කොට්ඨාසයක් එකතු කරගෙන රඟපෑම්, මවාපෑම් කරන්නට කටයුතු කරන්නේ නැතිව, නිවැරැදිව, නිශ්චිතව විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කරන්න අප ඉදිරිපත් කරපු 21 සංශෝධනය ගෙන එන්නට කටයුතු කරන්න. රැවටිලිවලට අපත්, රටේ ජනතාවත් සූදානම් නැහැ. තවදුරටත් මේ රටේ ජනතාව ඇන්දවීමේ ව්‍යාපෘති දියත් කරන්න එපා."



''ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමේ වරම් අහිමි කළ යුතුයි'' - 43 සේනාංකය

මේ අතර 43 සේනාංකයේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ ජුනි මාසයේ මුල සතියේ පාර්ලිමේන්තුව ආරම්භ කරන විට 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බව යි.

අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස නීතිපතිවරයාගේත්, නීති කෙටුම්පත් අංශයේත් අනුමැතිය ඇතිව එය වහාම සිදුකළ යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.

"විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා, අධිකරණය ස්වාධීනත්වය, පොලීසියේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, දූෂණය වැළැක්වීම සඳහා ප්‍රතිපාදනවල තියෙන බලගතු ප්‍රතිපාදන, ඒවගේම මැතිවරණවල දී ඒ ඒ පක්ෂවලට අපේක්ෂකයින්ට වියදම් කළ හැකි ආකාර පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති පළකරමින් තවත් අපේක්ෂකයින්ට හානි කරවන්න, ඇතැම් අපේක්ෂකයෝ දිනවන්න, ඇතැම් පක්ෂ දිනවන්න මාධ්‍ය පියවර ගන්නකොට, ඒවා පාලනය කිරීමට ඒ බලගතු ස්වාධීන මැතිවරණ කොමිසමකට බලතල සහිත වෙනසක් අපි කරන්න ඕනේ. ඒක මේ රටට දැන් අත්‍යවශ්‍ය යි. එතකොට තමයි පිරිසිදු දේශපාලනඥයෝ පිරිසක් අපට බිහිකර ගන්න පුළුවන් වෙන්නෙ," ඔහු ප්‍රකාශ කළේ ය.
 
fdgyh543 සේනාංකයේ නායක චම්පික රණවක 
 

ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමේ වරම් අහිමි කළ යුතු බව ද චම්පික රණවක අවධාරණය කළේ ය.

"ඒ වගේම විදේශ රටවල්වල විදේශීය පුරවැසියන් ලංකාවේ ධුර දරන්න, අග්‍රාමාත්‍ය ධුර වේවා, ජනාධිපති ධුර වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර වේවා, ඒ තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනේ. ඒක මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉලක්ක කර ගත්ත කාරණයක් නොවෙයි. රටක මූලික සුදුසුකමක්, රටක පුරවැසියෙක් නොවන කෙනෙකුට, වෙන රටක පුරවැසියෙකුට රටක ධුර භාර දෙන්න පුළුවන් ද? ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒක මූලික කාරණයක් මේ රටේ. ඒක අපි නැවත ඇතිකරගත යුතු යි. ඒ 21 වැනි සංශෝධනය සහ ඒ අදාළ මාර්ග සිතියම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඒ ආණ්ඩුව ප්‍රකාශයට පත්කළ යුතු යි. එවැනි තත්ත්වයක් තුළ අපි ඉතාම පැහැදිලිව කියනවා, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, අපට ලබාදෙන ඕනෑම වගකීමක් විදිමත් සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළ, විදිමත් අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ ඔය කියන කොන්දේසි සැපිරෙන තත්ත්වයක් තුළ අපි ක්‍රියා කිරීමට සූදානම් බව."

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)



සබැඳි ලිපි :

 


Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්