අමාත්‍ය විජේදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලමේන්තුවට ඉදිරිපත් කර තිබූ 21 වැනි සංශෝධන කෙටුම්පත
ඉල්ලා අස් කරගෙන ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ, අදාල කෙටුම්පත ඉල්ලා අස් කර ගන්නා බව විජේදාස රාජපක්ෂ කතානායකවරයා වෙත දන්වා ඇති බවයි.
22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව මෙම පෙත්සම් ගොනුකර තිබුණේ ජාතික සංවිධායක එකමුතුවේ කැඳවුම්කරු, ආචාර්ය ගුණදාස අමරසේකර සහ දේශප්‍රේමී ජාතික පෙරමුණේ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව විසිනි.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මගින් තවත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය ඉදිරිපත් කළේද විජේදාස රාජපක්ෂ විසිනි.
ඒ අනුව, තමා විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත්කර තිබු ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ඉල්ලා අස්කර ගත්බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසිය.
කෙටුම්පත කැබිනට් මණ්ඩලයට
අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව මැයි 23 දා කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.
මෙම කෙටුම්පත මැයි 27 සිකුරාදා සාකච්ඡාව සඳහා වහාම සියලු පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට තීරණය වූ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
අවසන් කෙටුම්පත සකස්කර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යි.
ඉන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැ යි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
සබැඳි පුවත් :