ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක

 

යම් යම් අඩුපාඩුකම් තිබියදී වුවද ආණඩුව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන වලට සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි.

43 සේනාංක නීති ලේකම් සහ විදේශ කටයුතු සබදතා ලේකම්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී එම කාරණය සඳහන් කළේ,  '21 වන සංශෝධනය ගත යුතු මග' පිළිබඳව අදහස් දක්වමිනි.


''ඒ වගේම අපි කැමතියි මේ අවස්ථාවේදී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට, ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන්ට, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ වලට ආයාචනයක් කරන්න මේකෙන් කකුල් දෙක අදින්න එපා. මේ කකුලෙන් ඇද්දොතින් වෙන්නේ සතුරා ශක්තිමත් වෙනවයි කියන එක. ඒ වගේම අවසානයේදී අපි කැමතියි රාජපක්ෂ දේශපාලනයට අනතුරු අඟවන්න මේ විසිඑක්වෙනි සංශෝධනයේ කකුලෙන් ඇද්දොත් පාර්ලිමේන්තුව ඇතුළේ නම වෙනිදට දකින්නට නොලැබුණු ආකාරයේ ප්‍ර තිවිපාක වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි කියලා. '' ඔහු එහිදී අවධාරණය කර සිටියේය.


මෙම මාධ්‍ය හමුව සදහා 43 සේනාංක සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ 43 සේනාංක උප සංවිධාන ලේකම්, 43 සේනාංක තරුණ අංශ ප්‍රධාන සම්බන්ධීකාරක තීක්ෂණ ගම්මන්පිල ද එක්ව සිටියේය.


''ලංකාවේ ආර්ථික අර්බුදය කියන්නේ ආණ්ඩුකරණයේ අර්බුදයක්''


මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක මෙසේ සඳහන් කළේය.

'' මෙම විසිඑක්වෙනි සංශෝධනයට අන්තර්ගතය පිළිබඳව සාධනීය විවේචනයක් තියෙනවා. ඒ සාධනීය විවේචනය අපි ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම අපි කැමතියි ඒ විවේචන පදනම් කරගෙන යම්කිසි ආකාරය යෝජනා ඉදිරිපත් කරන්න කොහොමද මේ පවතින රාමුව තුළ ඒ විසිඑක්වෙනි සංශෝධනයේ අන්තර්ගතය, මේ පුරවැසි ඉල්ලීම්, පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට සාධනීය යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

අපි විශ්වාස කරන්නේ මේ ලංකාවේ ආර්ථික අර්බුදය කියන්නේ ආණ්ඩුකරණයේ අර්බුදයක්ම තමයි. ආණ්ඩුකරණය කියලා කියන්නේ තීන්දු තීරණ ගැනීම. තීන්දු තීරණ පාරදෘශ්‍යව, වගවීමකින් යුතුව ගත්තේ නැති උනාම සියලු දෙනාම එක්තැන් වෙලා අන්තර්ග්‍රාහි වෙලා ගත්තේ නැති උනාම සිදු වෙන දේ තමයි අද අපි මේ අත්විදින්නේ.

දේශපාලඥයන්, දේශපාලන පක්ෂ, දේශපාලන බලවේග තමන්ට ඕන විදිහට මේ රට මෙහෙයවන්න පුළුවන් කියලා විශ්වාස කරලා මේ හරියට එඬේරෙක් තමන්ගේ බැටළුවන්, එහෙම නැත්නම් එළුවන් පරිහරණය කරනවා වගේ තමයි මේ රට පාලනය කරේ. ඒ පාලනය කිරීමේ තිබිච්ච විශේෂ ලක්ෂණය තමයි තනි පුද්ගලයෙක්, තනි බලයක් තමන්ට ඕන විදිහට සම්පත් හැසිරවීම.

 

''ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ආර්ථික අර්බුදයට විසඳුම් හොයන කොට එහි අන්තර්ගත ආණ්ඩුකරණයේ අර්බුදයටත් විසඳුම් සෙවිය යුතුයි කියන එක අපේ මතයයි. එතෙන්දි ඒ නිසා විසිඑක්වෙනි සංශෝධනයට අපි කැමතියි. මොකද, එක පැත්තකින් ජනාධිපතිවරයාගේ බලය අඩු කරනවා. ''

 

''මේ වගේ අර්බුද අවස්ථාවකදී අගමැති, ජනාධිපති හවුල් ආණ්ඩුවක් හැදීම යෝග්‍යයි. ''


දැනට විසිවෙනි සංශෝධනය හරහා ව්‍යවස්ථාදායක ඒකාධිපතියෙක් බිහි කරලා තිබුණා. ඒ ව්‍යවස්ථාදායක ඒකාධිපතියා බිහි කිරීමේ තත්වයේ ඉඳලා නැවතත් පරණ තැනට ගෙන එන එක ඉතා වැදගත් වෙනවයි කියලා අපි හිතනවා. අපි තිබිච්ච අඩුපාඩු හඳුනාගෙන එය තව වර්ධනය කිරීමත් අවශ්‍ය වෙනවා.

ඒ නිසා විසිඑක්වෙනි සංශෝධනය ගෙන ඒම තුළින් අපිට ලැබෙන්නේ අගමැති, ජනාධිපති, හවුල් ආණ්ඩුවක්.


මේවට අපි කැමතියි .....



# මේ වගේ අර්බුද අවස්ථාවකදී අගමැති, ජනාධිපති හවුල් ආණ්ඩුවක් හැදීම යෝග්‍යයි.  කණ්ඩායමක් හැටියට වැඩ කරන එක අනතුරකදී ඉතා යෝග්‍යයි.  ඒ නිසා අපි මේ විසිඑක්වෙනි සංශෝධනය හරහා, ව්‍යවස්ථාදායක සභාව, කොමිෂන් වලට සහ ඉහළ නිලධාරීන්ට පත්කිරීම ජනාධිපතිවරයාගේ තනි මතයට නැතුව ගෙනාපු එකට, අපි කැමතියි.

# ඒ වගේම මහ බැංකුව පත්කිරීම් මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව එයත් එක්ක ගෙනාපු එකට අපි කැමතියි.

# ඒ වගේම අපි කැමතියි මැතිවරණ කොමිසම යටතට රජයේ මාධ්‍ය විතරක් නෙමෙයි, පුද්ගලික මාධ්‍යයටත්, නිර්ණායක සපයලා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කිරීම පිළිබඳව.

# අපි කැමතියි විශේෂයෙන්ම ප්‍රසම්පාදන කොමිසම නැවත පිහිටුවීම ගැන.

# අපි කැමතියි විගණන සේවා කොමිසම නැවත පිහිටුවීම ගැන...

යනාදී වශයෙන් අපි විසිඑක්වෙනි සංශෝධනය ගැන අපි අපේ සතුට ප්‍රකාශ කරන අතරම අපි අපේ කන්සාවෙනුත් තියෙනවා. අපේ කන්සාවන්, අපේ අකමැත්ත අපි ප්‍රකාශ කරනවා.


අපි මේවට නම් කැමති නැහැ ..


# ජනාධිපතිවරයාට, අමාත්‍යංශ දැරීමට තියෙන බලය තවදුරටත් පැවැත්වීම ගැන අපි අපේ අකමැත්ත ප්‍රකාශ කරනවා.

# ඒ වගේම අකමැතියි මේ විසිවෙනි සංශෝධනය යටතේ තියෙන පාර්ලිමේන්තුව විසිරවීම පිළිබඳව ප්‍රතිපාදන පිළිබඳව. මීට වඩා හොඳයි දහනමවෙනි සංශෝධනයට අපිට යන්න පුළුවන් වුණා නම්. නමුත් ඒක එසේම පවත්වාගෙන යාම කරනවා.

# ඒ වගේම මේ පනතක් සම්මත කිරීම පිළිබඳව අධිකරණයට යෑමට පුරවැසියන්ට තියෙන අයිතිය දහනවවැනි සංශෝධනයට එහා යා යුතුව තියෙනවා. අපි අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ඒ කාල වකවානුව දීර්ඝ කරන්න කියලා. දැනට දවස් හතයි අපිට තියෙන්නේ.

විසිවෙනි සංශෝධනය කරන කාලේ උසාවි අවුරුද්දට වහලා තිබිලා අපිට දවස් දෙකයි තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න දින වකවානු, දින හත මදි පුරවැසියන්ට ගැසට් කිරීමේ ඉඳලා. ඒක වැඩි කරන්න එන්න ඒ වගේ දහනමවෙනි දහනමයේ තිබිච්ච සාධනීය ලක්ෂණ පමණක් ඒවා විසි එකේ නැහැ. අපි අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලනවා ඒ කරුණු කරුණාකරලා නැවත ඇතුල් කරන්න කියලා.

#  ඊළඟට අපිට අලුත් යෝජනා තියෙනවා. අපි මේ එකේ ඉන්න පුරවැසියෝ කියන කතා උද්ඝෝෂණය දිහා බැලුවාම අපි ඒ සම්බන්ධයෙන් වැඩ කළ යුතු වෙනවා. මේ විසි එක්වෙනි සංශෝධනය තුළ එහි අන්තර්ගත භාෂාව තුළ ඒ ඉල්ලීම් අන්තර්ගත විය යුතු වෙනවා. එතකොට එහි ප්‍රධාන කරුණක් තමයි පුරවැසියන්ට, විශේෂඥයන්ට මේ රාජ්‍ය පාලනයට ඇතුල් වෙන්න දොරක් විවෘත කරලා දෙන්න කියලා.



# ඉතින් ඒ හින්දා, අපි කැමතියි සමගි ජන බලවේගය යම් යම් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා, ඔවුන්ගේ යෝජනාවේ, ඔය එහෙම නැත්නම් රාජ්‍ය සභාවක්, ජාතික රාජ්‍ය සභාවක් පිහිටුවන්න කියලා. ඒ තුළ, පුරවැසියන්ට, වෘත්තිකයන්ට, රාජ්‍යකරණයේදී යම් අවස්ථාවක් හිමි කරලා දෙන්න. රාජ්‍ය පාලනය කිරීමේ මූලධර්ම, යුතුකම් යටතේ එන රාජ්‍ය වගකීම්, මොවුන් හරහා යම්කිසි බලපෑමක් නීති හදනකොට කරන්න. ඒක ඒ ඒක මේ මේ මේ පාරම කළ හැකි දෙයක්. නමුත් ඒක කරලා නැහැ. අපි ඒක යෝජනා කරනවා.''




# ඊළඟට ලංකාවේ ජනාධිපතිවරයාට තියෙන එක බලයක් තමයි මේ ලේකම්වරු පත් කිරීම. ලේකම්වරු පත් කිරීම බොහෝ වෙලාවට ජනාධිපතිවරයා කෙසේ නමුත් ජනාධිපති ලේකම්වරයාගේ හිතුමතේට වෙන දෙයක්. ඒ නිසා අපි දිග ඉල්ලා සිටියා අඩුම වශයෙන් ලේකම්වරු පත් කිරීම සඳහා නිර්ණායක ඉදිරිපත් කරන්න කියලා. අපි අධිකරණ ඇමතිවරයාට කියනවා එහෙම නිර්ණායක ඉදිරිපත් කරන්න කියලා.

# අල්ලස් හෝ දූෂණ කොමිසම කියන්නේ මොකක්ද කියලා. ඒක විහිළුවකට ලක්වෙලා ලංකාවේ. එය ප්‍රතිසංවිධානය කරන්න ඕන. ඒක එහි කොමසාරිස්වරු මේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කර පමණින් එය ස්වාධීන වෙන්නේ නැහැ. එහි කාර්ය පටිපාටිය, ඒ අයට අදාළ නීතිය වෙනස් කරන්න ඕන. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව.

AFP040342564 1649032989

# ජනතාව ඉල්ලනවා හොරකම් කරපු සල්ලි ගෙනත් දීපල්ලා කියලා. නමුත් විසි එක්වෙනි සංශෝධනය තුළ තාම අපිට බැරිවෙලා තියෙනවා මේ අවශ්‍යතාවය තෘප්ත කරන්න. අපි කියනවා අධිකරණ ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා.

අපි කැමතියි ප්‍රසම්පාදන කොමිසම සහ ඉදිරිපත් කරන්න. නමුත් ප්‍රසම්පාදන කොමිසමේ ටෙන්ඩර් පිළිබඳව ලංකාවේ තියෙන හොරකම නැති කරන්නට කොමිසමක් දැම්මට වැඩක් නෑ. ඊට එහා යන්න ඕන නියාමනය සඳහා මැදිහත් වීම සඳහා බලතල. මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් නීති, වත්කම් ප්‍රකාශ කිරීමේ පනතක් තියෙනවා. නමුත් ව්‍යවස්ථාමය වගකීමක් බවට පත් කරන්න පුළුවන්. පුරවැසියෝ කියන්නේ ඒකයි.

පුරවැසියෝ කියන්නේ මේ දෙසිය විසිපහම එපා කියලා. කියන්නේ මෙන්න මේ වත්කම් ප්‍රකාශ නොකර හොරකම් කරන හින්දා. මේක වෙනස් කරන්න පුළුවන්. මේකත් ඒ තුළින් කරන්න පුළුවන්.''


# ඒ වගේම මේ විශේෂ අවශ්‍යතා සහිත ජනතාව, ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ අයිතිවාසිකම් දීර්ඝ කාලයක් නොතකා හැරලා තියෙනවා. අපිට ඒක මානව හිමිකමක් හැටියට පිළිගන්න පුළුවන්.


# ඒ වගේම ලංකාවේ මේ වැරදි සංවර්ධනය සිදුවෙන්නෙම මේ භෞතික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නය. භෞතික සැලසුම් කිරීමේ වැරදි හින්දා. දානවා ඇමතිවරුන්ට ඕන විදිහට. පාරවල් හදනවා, පාරවල් හදන්න, ගේනවා ඇමතිවරුන්ට ඕන විදිහට. එහෙම තමයි අපේ මුදල් කාබාසිනියා කළේ.

 ඒ නිසා මේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, දැනට තියෙන මුදල් අමාත්‍යංශය යටතේ. ඒ මුදල් අමාත්‍යංශය යටතේ තියෙන ජාතික, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ජාතික කොමිසමක් කරලා, එය ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරන්නට මේ ව්‍යවස්ථාව යටතෙම කරන්න පුළුවන්.


# ඒ වගේම අපි කියලා තියෙනවා, අපි හැමදාම කියන දෙයක්. මේ සහ කමිටු වල හැමදාම රාජ්‍ය ආයතන වලින් හොරකම් කරන එක ගැන අහන්න ලැබෙනවා. අපි මාධ්‍ය වලින් යනකොට තලු මර මර අහන් ඉන්නවා මන්ත්‍රීවරු ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. හැබැයි වෙච්ච දෙයක් නැහැ. හැමදාම රාජ්‍ය ආයතන අපි කියන්නේ අලාභ ලබනවයි කියලා.

මේ ව්‍යවස්ථාවෙන් ඒක වෙනස් කරන්න පුළුවන්. අපි කියන්නේ මේ කෝපා සහ කෝප් කමිටුවලින් හඳුනාගන්න වැරදි එකක් කරන්න. පොදු වැරදි හැටියට කරලා පොදු ඒ වැරදි වලට දඩුවම් දෙන අලුත් අධිකරණයක් පිහිටුවන්න පුළුවන්. ඒක ජනමත විචාරණයකට යන්න ඕනේ නැහැ. ඒක කරන්න පුළුවන් මේ මේ විසි එකම ඇතුලේ.


ඒ නිසා දැන් අපි කියන්නේ විසිඑක්වෙනි සංශෝධනය හොඳයි. රටට මේ වෙලාවේ අවශ්‍යයි. ඒ වගේම මෙය තව වැඩිදියුණු කරගන්න. ඒ වැඩිදියුණු කිරීමෙන් අර එක ගල්ලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම අපිට බාගන්න පුළුවන්.



''විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුකළ යුතු දෙයක්''


හැබැයි ඒ ඒ එසේ කියන ගමන්ම අපි තව අයට තවත් කතාවක් කැමතියි. දැන් හුඟදෙනෙක් මේ ප්‍රශ්නය ගැන අපි කතා කරනකොට කතා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපි මේකට කැමතියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැත්නම් අපි මේකට විරුද්ධයි...

 අපේ ස්ථාවරය තමයි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හොඳයි. හැබැයි ඒක නව ව්‍යවස්ථාවකින් සිදුකළ යුතු දෙයක්. ඒ නව ව්‍යවස්ථාවක් කරන්න හොඳම අවස්ථාව වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ මහජනතා ඒ සඳහා අනුමැතිය ඉල්ලලා ඒ අනුමැතියෙන් තේරී පත්වන අලුත් ආණ්ඩුවක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම අපි ආණ්ඩුක්‍රමය. ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන්න නරකයි.


මේක ගෙනාවට කමක් නෑ කියලා අපි කියන්නේ දහනමයේ තිබුණු දේ නැවත අපි ගේනවා. ඒ හින්දා ලොකූ සාකච්ඡාවක් අපිට ඕන්නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් ගේනවා නම් අත්‍යවශ්‍යයෙන් ම ඒ නිව් මැන්ඩේට් එක අවශ්‍යයි. දෙවෙනි කරුණ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අනිවාර්යෙන්ම අපේ ඡන්ද ක්‍රමය පිළිබඳ ඒකමිතියක් එන්න ඕන.



නමුත් අපිට තාම ඡන්ද ක්‍රමය පිළිබඳ ඒකමිතියක් ඇවිල්ලා නෑ. සමානුපාතික ක්‍රමය මේ පවතින තත්වය යටතේ පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා පත් කරගෙන අසමමිතික පාර්ලිමේන්තුවක් අපි කියනවා එකක් හැදුනොත් මේ වගේ අර්බුද තියන තත්වයක මීට වඩා බරපතළ තත්ත්වයක් ඇතිවෙනවා.

ඒ නිසා පළාත් සභා ක්‍රමය පිළිබඳව ජනාධිපතිගේ බලතල, ඡන්ද ක්‍රමය යනාදී දේවල් පිළිබඳව පක්ෂ අතර ඒකමිතියක් අරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට යනවා මිසක් ඉන් මෙපිට ඒ අත්හදා බැලීම් කළ නොකළ යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය.

ඒ වගේම මේ විධායක ජනාධිපති ක්‍රමය කියලා කියන්නේ කරනකොට මේ දැනට තියෙන පාර්ලිමේන්තුවේ අවම එකඟතාවයක් පැවතිය යුතුයි. ඒ කියන්නේ තුනෙන් දෙකක් ගන්න.


''විපක්ෂය ජනතාව ඉස්සරහ විහිළුවක් නොවිය යුතුයි''


අපි දැක්කා නියෝජ්‍ය කතානායක පත් කිරීමේ සිද්ධියේදීත්, විශ්වාසභංග වලදත් අපිට මේ අවම එකඟතාවය ගොඩනගා ගැනීමට ඇති නොහැකියාව. ඒක මේ වර්තමාන විපක්ෂය විසින් බරපතල ලෙස තේරුම් ගන්න ඕන. අපි ජනතාව ඉස්සරහ විහිළුවක් නොවිය යුතුයි. අපිට සටන් පාඨ දාන්න පුළුවන්. හැබැයි ඒ සටන් පාඨ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන සටන් පාඨ විය යුතුයි.

හෙම නැතුව ඒවා අත්හදා බලන්න ගියොත්, ඒ අත්හදා බැලීම් පුස්සක් බවට පත්වෙනවා. හරියට අර ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක්, යෝජනාවක් ගේන්න ගිහිල්ලා, අර වරප්‍රසාද අත්හිටුවීමේ යෝජනාව පැරදුනා වගේ. ඒ නිසා, අපි මේ අවස්ථාවේදී සතුරා ශක්තිමත් කරන කිසිම දේකට සූදානම් වෙන්න නරකයි.


අන්න ඒ නිසයි, අපි ප්‍රධාන විපක්ෂයෙන් සහ විශේෂයෙන්ම සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින්නේ, ආයාචනය කර සිටින්නේ, විසිඑක්වෙනි සංශෝධනය අර දරුවා සමඟ වතුර බේසම එකට විසි කරන්න යන ස්ථාවරයේ ඉඳගෙන විසි එක්වෙනි සංශෝධනයට ප්‍රතිචාර දක්වන්න එපා. අපි පියවරෙන් පියවර දිනා ගන්නා අයිතිවාසිකම් සමුදායක් තුළ මේ ගම්මු කියන්නයි අපේ ස්ථාවරය.



සම්පුර්ණ වගකීම බැසිල් බාරගන්න ඕන ...


ඒ වගේම අපි බැසිල් රාජපක්ෂ මහත්මයාට අනතුරු අඟවනවා. ඔහුගේ කණ්ඩායම හිතනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ක්‍රමය, පාර්ලිමේන්තු දේශපාලනය ඔවුන්ගේ යටිකූට්ටු අරමුණු සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා රූකඩ හැටියට පාවිච්චි කරනවයි කියලා හිතනවා නම් ඔබට වැරදිලා.

 විසිඑක්වෙනි සංශෝධනය සම්මත කරගන්නට බැරි උනොත් එහි සම්පූර්ණ වගකීම් මං හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාම ගන්න ඕන ඒක පක්ෂයක් හැටියට නෙමෙයි අපි කියන්නේ ඒ සම්පූර්ණ වගකීම හා දෝෂාරෝපණය බැසිල් රාජපක්ෂ මහතා විසින්ම දැරිය යුතුයි කියලා.


අපේ නීතියේ අර්ථයක් තියෙනවා බිරිඳ කොතනද, නිවස එතනය කියලා. දැන් බැසිල් මහත්තයාගේ බිරිඳ ඉන්නේ ඇමරිකාවේ. නිවස තියෙන්නෙත් එහේ. දැන් ලංකාවේ මේ පුරවැසියොත් එක්ක මේ කරන සෙල්ලම බැසිල් මහත්තයා නවත්තන්න ඕනේ. බැසිල් මහත්තයා පරාජය වෙලා ඉවරයි දේශපාලනිකව. ඒ පරාජය පහුගිය කාලේ අත්වින්දා. ඉතින් ඒක දැක දැක නැවතත් අපේ මේ රට මේ රටේ ජනතාවගේ දෛවයත් එක්ක සෙල්ලම් කරනවා නම් ඒක ඉතා බරපතළ වරදක් හැටියටයි අපි දකින්නේ.

 

basil pb atigala kabral

''රට මෙවැනි බරපතල තත්වයට ගොදුරු කරේ බැසිල් නඩය ...''

 

ඒ වගේම මේ බරපතල තත්වයට අද අපේ අත්විඳින බරපතල ආර්ථික තත්වයට ගොදුරු කරේ බැසිල් රාජපක්ෂ මහත්මයා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ගෝලබාලයෝ ගැන කතා කරනවා, කබ්රාල්ලා ගැන, පී. බී. ජයසුන්දරලා ගැන, ඒ වගේම ආටිගල ලා ගැන කතා කරනවා.

අපි හරි හෙමින් තමයි බැසිල් රාජපක්ෂ ගැන කතා කරන්නේ. ඒකත් කියන්නේ කපුටා කියලා. කපු නෙවෙයි. අපි කියන්නේ බැසිල් කියලා. ඒ බැසිල් ඒ වගකීම දරන්න ඕන මේ රටේ මේ දෙදාස් දහනමයේ ඉඳලා අද වෙනකන් අපි ඇති කරගෙන තියෙන අගාධයට.

ඉතින් ඒ අගාධයට නොතකා නැවත වරක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිලි කරන්නට බැසිල් රාජපක්ෂ මහත්තයා හිතනවා නම් අපි කියනවා අපි ඒකට උත්තර දෙන්න සූදානම් කියලා.


''හතළිස් තුන සංවිධානයේ නීතිඥ සංවිධානය හැටියට  අපි එක පැත්තකින් සහයෝගය දෙනවා විසිඑක්වෙනි සංශෝධනයට. ඒ වගේම අපිට විවේචන තියෙනවා. ඒ වගේම අපිට යෝජනා තියෙනවා. ඒ වගේම අපි ආයාචනය කරනවා පුරවැසි සමාජයෙන් විසි එකකට කකුලෙන් අදින්න එපා කියලා. ඒ වගේම අපි අනතුරු අඟවනවා. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ ගෝලබාලයන්ට මේකෙන් කකුලෙන් අදින්න එපා කියලා''


43 සේනාංක සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ 43 සේනාංක උප සංවිධාන ලේකම්, 43 සේනාංක තරුණ අංශ ප්‍රධාන සම්බන්ධීකාරක තීක්ෂණ ගම්මන්පිල ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.

 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්