ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි විය.



පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය ලකුණු 365ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506ක් රැස් කළේ ය.

බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 169කට සීමා විය.

මෙහිදී අසිත ප්‍රනාන්දු සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරනු ලැබුවා. ඒ ලකුණු 51ට කඩුලු 6ක් දවා ගනිමින්.

ඒ අනුව, තරගයෙන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ගත යුතු වූයේ, ලකුණු 29ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය.

මෙම තරගයේදී, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ශතක රැස් කළහ.

(mawbima.lk)

 
 

Leader Whats app

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates