හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද වසර 02 ක සිර දඬුවමක් නියම කළේය.


ඒ, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින්ය.

සිර දඬුවමට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරිණ.

දඩය නොගෙවන්නේ නම් ඇයට තවත් මාස 6 ක සිර දඬුවමක් ද කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියම කරනු ලැබීය.

විත්තිකාරියට එරෙහි නඟා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශකරමින් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය ට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියොග කරනු ලැබීය.

ඇමති බිරිඳක් ලෙස නිල බලය පාවිච්චි කරමින් මෙම ගමන් බලපත්‍රය ලබාගැනීමට විත්තිකාරියකටයුතු කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී කියා සිටියේය.

එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව හෝ නොගොස් වක්‍ර මාර්ගයෙන් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 13 වැනිදාට යෙදී තිබුනත් එය තුන්වන දිනටත් කල් තැබුණේ එම නඩුවේ තීන්දුව ලබාදීම මැයි 27 වැනිදා දක්වා කල්දමමිනි.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව ආගමන හා විගාමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැ යි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ 2015 ජනවාරි 23 වැනිදා යි.


මහාධිකරණයට අභියාචනයක්:

 

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම කිරීමෙන් පැය කිහිපයකට පසු, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළාය.

 

අභියාචනය කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා ඇගේ නීතිඥවරුන් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දී තිබේ.

ශෂී වීරවංශ අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ අදාළ චෝදනාවෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසටයි.

දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වැනිදා සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 27) තීරණය කරනු ලැබීය.

එම නිසා ඇයව එතෙක් බන්ධනාගාර කෙරෙණු ඇත.


දේශපාලනඥයින්ට එරෙහි නඩුවලට මොකද වෙන්නේ?


Basil Thirukumar

මෙයට අමතරව මැයි 13 වැනිදා තීන්දු ලබාදීමට නියමිතව තිබූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පවරන ලද නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැති ද යන්න තීන්දුව ලබාදීම ජූනි මස 3 වැනිදාට කල් තැබුණි.

නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම සඳහා ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර හමුවේ මැයි 13 වැනිදා නඩුව කැඳවනු ලැබිණ.

පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණි.

දෙවන විත්තිකාර තිරුකුමාර් නඩේසන් මහාධිකරණයට ඉදිරිපත්වීම සඳහා විදෙස්ගතව සිට පැමිණ ඇති බවත්, ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එදින අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇති මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නඩුවේ තීන්දුව ලබා දීම ජූනි මස තෙවැනි දා දක්වා කල් තබා ඇත.


ඒ අනුව, එදිනට විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයේම නීතිඥයින් මහාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබේ.




දරු දෙදෙනා ඔබට බාරයි


සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ ට සමුදුන් අයුරු.

Shashi 2022.05.27

(BBC සිංහල සේවය)


(ඡායාරූප: ගයාන් අමරසේකර)

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්