අගෝස්තු මාසයේ සිට ලබන වසරේ මාර්තු දක්වා මෙරට පරිභෝජනයට අවශ්‍ය සහල් තොග පිටරටින් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසති.


ඒ, රටට ප්‍රමාණවත් වී අස්වැන්නක් යල කන්නයේදීද නොලැබෙන තත්ත්වය හේතුවෙනි.

මහ කන්නයේ වී අස්වැන්න සියයට 50 ක මට්මකට අඩු වූ බවත් එළඹෙන යල කන්නයේදී සමස්ත වී අස්වැන්න ඊටත් වඩා අඩුවනු ඇති බවත් ගොවීන් පවසති.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා 'නෙත් නිවුස්' වෙත කියාසිටියේ, පවතින තත්ත්වය හේතුවෙන් අනිවාර්යයෙන්ම මාස 6 ත් 7 ත් අතර කාලයකට රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 10 ක් ආනයනය කිරීමට සිදුවන බවයි.

 



සහල් අර්බුදය උග්‍ර වුවහොත් ජනතාවගේ දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමට වුවද සිදුවිය හැකි බව ඔහු මෙහිදි ප්‍රකාශ කළේය.

 


එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ ජනතාව මන්දපෝෂණයෙන් බේරා ගැනීමට විකල්ප ආහාර වෙත කඩිනමින් ඇතුළත් විය යුතු බවයි.

 


'නෙත් නිවුස්' ඊයේ අනාවරණ කළේ ප්‍රධාන දිස්ත්‍රික්ක 6කම යල කන්නයේ වී වගා ආරම්භ කිරිම පහළ මට්ටමක පවතින බවයි. සියයට 50 හේ සීමාව හෝ ඉක්මවා ගොස් තිබුණේ අම්පාර, අනුරාධපුර, කුරුණෑගල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල පමණයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු  ඩී.අබේසිරිවර්ධන පැවසුවේ, තවත් සති දෙකක් තුළ යළ කන්නයේ වී වගා ආරම්භ නොකරන්නේ නම් එම කුඹුරුවල වෙනත් භෝග වගා කළයුතු බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද මේ වනවිටත් වගා සංග්‍රාමයක් ආරම්භ කර ඇත.



ආහාර අර්බුදය: කෘෂි මහාචාර්යවරුන්ගේ විසඳුම් යෝජනා අමරවීරට



 120540408 gettyimages 1235027201
මේ අතර විශ්වවිද්‍යාල තුනක මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වහා ම ක්‍රියාවට නැගිය යුතු විසඳුම යෝජනාවලියක් කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෑතකදී මුහුණ පා සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෙම යෝජනාවලිය සකසා ඇත.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නියෝජනය කරන මහචාර්යවරුන් දසදෙනෙකුගෙන් සමන්විත කෘෂි මහාචාර්යවරු පිරිසක් පසුගිය දා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර වෙත අදාළ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යංශයේදී භාර දී ඇත.



ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට නම් වහා ම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළයුතු බව ද මහාචාර්යවරුන් එහිදී ප්‍රකාශ කර ඇත.එම යෝජනාවලියේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා එහිදී පවසා තිබේ.



එමෙන් ම ශ්‍රී ලංකාවේ පසුගිය මහ කන්නය සහ දැනට අර්බුදයට ලක්ව තිබෙන යල කන්නය දෙස බලන විට මෙරට ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ද ඔහු කීය.

මෙම අවස්ථාවට මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය ජනේන්ද්‍රද කොස්තා, මහාචාර්ය දේවිකා ද කොස්තා, මහාචාර්ය අරුණ කුමාර, මහාචාර්ය සීවනන්දවේල්, මහචාර්ය සමන් ධර්මකීර්ති, මහාචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය නාලිකා රණතුංග, මහාචාර්ය වර්ෂි දන්දෙණිය සහ මහාචාර්ය නිලන්ත ලියනගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



සිරිකොතත් වගා සංග්‍රාමයට !


රට තුළ පවතින ආහාර හිඟය සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ රට පුරා වගා කළ හැකි හිස් ඉඩම් හඳුනා ගන්නා ලෙසයි.

එ.ජා.ප.යට අයත් ඉඩම් ගේ වතු වගා සඳහා පරිහරණයට  තමන් විසින් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.එ අනුව පක්ෂ මූලස්ථානය වන  'සිරිකොත' වගා කටයුතු ලබා දෙනබවද අගමැතිවරයා පැවසිය.

 ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයේ බලපෑම අවම කර ගැනීමට හැකි වන පරිදි රටේ සියලුම හිස් ඉඩම් ආහාර වගා කිරීමට යොදා ගත හැකි බවට මෙය උදාහරණයක් ලෙස ගත හැකි බව  අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image