පසුගිය මැයි 09 වෙනිදා ගාලුමුවදොර සාමකාමී නිරායුධ අරගලකරුවන්ට එල්ල කළ
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ අනුගාමිකයන් පෙරටුකරගත් ආණ්ඩුවේ ම්ලේච්ඡ මැර ප්රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය සාධාරණය ඉටුනොවීම පිළිබඳ සවිස්තර වාර්තාවක් සර්වපාක්ෂික අරගලකරුවෝ විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට භාරදී ඇතැයි වාර්තා වේ.
සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය වෙනුවෙන් එහි පුරවැසි අයිතීන් සහ මානව හිමිකම් ලේකම් කෞෂාල් රණසිංහ විසින් එම සංදේශය භාරදී ඇති අතර, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවැත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
ශ්රී ලංකා රජයේ අනීතික ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළ වාර්තාව සම්බන්ධයෙන් පුරවැසි අයිතීන් සහ මානව හිමිකම් ලේකම් කෞෂාල් රණසිංහ පැහැදිලි කර සිටියේ මෙසේය,