බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුර

අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී අද පස්වරුවේ දී සොයා ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගිය බවත් පසුව ඇය යළි නිවසට නොපැමිණි බවත් පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ඇගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, සැකකරුවන් සොයා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.



යුක්තිය ඉටුකරන බවට ජනපති පොරොන්දු වෙයි

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේදී ඝාතනය කරන්නට ඇති බවට සැක කෙරෙන 09 හැවිරිදි ෆාතීමා අයේෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති සිය සංවේගය පළකර සිටියි.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අකාරුණික ලෙස ඝාතනය වූ කුඩා ෆාතිමා අයේෂාගේ පවුලට තමාගේ හදපිරි ශෝකය සහ බලවත් සංවේගය පළකර සිටින බවයි.

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පවුලට ඉක්මන් ක්‍රියාමාර්ග සහ යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Atalugama 1

Atalugama 3

Atalugama 5

Atalugama 4

(සේයා- lankadeepa.lk)

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්