ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස්

ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක 'ලංකාදීපයට' ප්‍රකාශකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවද ඔහු කියා සිටියි.

මේ තත්වය නිසා බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ විවිධ ස්ථානවල සැඟවී බව සඳහන් කරන දිසානායක හිටපු අමාත්‍යවරයා, විසි එක් වැනි සංශෝධනයට සහය නොදුනහොත් ගමට පැමිණීමට නොහැකි වේවි යැයි ඕමල්පේ සෝභිත නාහිමියන් කළ ප්‍රකාශයෙන් උන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කර ඇතැයිද ප්‍රකාශ කරයි.

දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ කපුටු කාක් කියා ගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බවද විමලවීර දිසානායක පවසා ඇත.


සෝභිත හිමි ගෙන් අනතුරු ඇඟවීමක් !


විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පසුගියදා පැවසුහ.

එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ පැවසුහ.


 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්