වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ වී

තිබේ.

ඒ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරගැනීම හරහා ය.

මෙම සාකච්චා පවත්වා ඇත්තේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ය.

විසිඑක් වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුලදි බෙදීමක් ඇති වී ඇති අතර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය සහ ජනාධිපති වරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් බෙදීම ඇතිවී තිබේ.

21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පසුගිය 26 වනදා කැඳවූ සාකච්ඡාවකට මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත්තේ 21ක් දෙනෙකු පමණි.

එහිදී අදාළ 21 ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පරාජය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කර ඇත.

එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ අවශ්‍ය විසි එක් වැනි සංශෝධනය නොව ජනතා ප්‍රශ්න විසඳීම බවයි.

 

මේ අතර විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්චා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (29) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබේ. මීට පෙරද ජනාධිපතිවරයා විසින් කැදවන ලද ආණ්ඩු පක්‍ෂ රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියයක පමණ පිරිසක් සහභාගී වූහ

 

21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

(මුලාශ්‍රය - aruna.lk)





Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්