ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කිරීමේ සුදානමක් පවතින බව ජනාධිපති කාර්යාල

ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි රාශියක් පදනම්ව එවැනි පියවරක් ගැනීමට නියමිත බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා බැංකුවේ වෘත්තීය සමිති නායකයකු පැවසුයේ ලංකා බැංකුවේ මහා කළමනාකරු ඉවත් කිරීමේ සුදානමක් ගැන මෙතෙක් වාර්තාවී නොමැති බවයි.

ලංකා බැංකුවේ 22 වන මහා කළමනාකාරවරයා ලෙස කේ. ඊ. ඞී. සුමනසිරි වැඩ භාර ගනු ලැබුවේ 2021 අගෝස්තු 16 දිනයි.

මීට පෙර ඔහු ලංකා බැංකුවේ ආයතනික සහ විධායක කළමණාකාරිත්වයේ තනතුර හොබවා ඇත. 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්