ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසුවේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් මේවනවිට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ දැනටමත් විරෝධය පළකර ඇත. අදාල ව්‍යවස්ථා කෙටුම්පතේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ අහුරා තිබීම ඊට හේතුවයි.

 

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පසුගිය දින කිහිපයේ වරින්වර ආණ්ඩු පක්ෂයේ සිය අනුගාමික මැති ඇමතිවරුන් කැඳවමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවිය යුතුබව අවධාරණය කර තිබේ. ඒ මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා බලතල රහිත නාමමාත්‍රීක තැනැත්තකු බවට පත්ව අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව ශක්තිමත් වන බව පෙන්වා දෙමිනි.

 

එසේම, වහාම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කර පොහොට්ටු පක්ෂයේ අයකු අගමැති කිරීමේ අවශ්‍යතාවය ද ඔහු විසින් අවධාරණය කර තිබේ.

පසුගිය 09 වෙනිදා දේපල අලාභහානි වලට පත් මැති ඇමතිවරුන්ට සහන සලසාදීම සඳහා යයි කියමින් නෙලුම් මාවත පොහොට්ටු කාර්යාලයට කැඳවා තිබු මෙම සාකච්ජාවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සහභාගී වී තිබිණ.

21 වන සංශෝධනයට සහය නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේවනවිට ප්‍රකාශකර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහට බලතල හිමිවන කිසිඳු යෝජනාවකට තම පක්ෂය එකඟ නොවනබවයි.


ශ්‍රීලනිපයේ සහය පළවේ :


මේ අතර අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කළ 21 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට තමන් සහ තම  පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිපියකින් දැනුම් දී තිබේ.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශව සහයෝගය ලබාදිය යුතු බව සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

පසුගිය ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පසුබැස ගිය බවත්, තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරිව සම්මත වු එම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නව ව්‍යවස්ථා සංශෝධනයෙන් මඟහරවා ගැනීමට යහපත් ආරම්භයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.


der3


සබැඳි පුවත්


'රාජපක්ෂලා රකින 21 කට අපි නැහැ' - විපක්ෂනායක

ගෝඨාභය ඉවත්වුවහොත් ජනාධිපති බැසිල් ! -අධිකරණ ඇමති කියයි


 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්