සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට (31) දින සලකා

බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කළේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අමරසිංහ විසින් නීතිපතිවරයා වෙත නොතීසි ද නිකුත් කර තිබේ.

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශ ට ඉකුත් සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වසර දෙකක බරපතළ සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

එම දඬුවමට එරෙහිව ශෂී වීරවංශ ගේ නීතිඥවරු විසින් ඉකුත් සිකුරාදා අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ශෂී වීරවංශ ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඇයගේ නීතිඥවරුන් විසින් එම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

 kalyananda

සමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටුවකි

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්